BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
සජීවී., 'අපට ලැබුණේ ආපදා තත්ත්ව පණිවිඩයක්: සබ්මැරීන් ප්‍රහාරයක් බවට පළ වන ප්‍රකාශ සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරනවා' - නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක
ඉරාන නාවික හමුදාවට අයත් යාත්‍රාවක් ගාල්ල වරායේ සිට නාවික සැතපුම් 40ක් පමණ දුරින් 'අනතුරට' ලක්ව තිබේ. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුවේදී පැවසුවේ නෞකාවේ 180 දෙනෙකු පමණ සිට ඇති බවත් 30 දෙනෙකු 'දැඩි තුවාල' ලබා ඇති බවත් ය. නෞකාවේ සිටි තුවාල ලැබූ 32 දෙනෙකු ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් අධ්යක්ෂවරයා බීබීසීයට පැවසීය.
පාස්කු ප්‍රහාරය: ISIS සමග සබඳතා පැවැත්වූ බවට අත්අඩංගුවට ගත් 'මොහොමඩ් මිල්හාන්'ට වන්දි ගෙවන්නැයි රජයට නියෝග
2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසුව ISIS ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බව පවසමින් අලුත්ගම ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් මිල්හාන් නමැති තරුණයෙකු සැකපිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම තුළින් පොලිසිය ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
සජීවී., කමේනිගේ පුත්‍රයා වන මොජ්තාබා දිවිගලවාගත් බවට වාර්තා
ඉරානයට එල්ල කරන ගුවන් ප්‍රහාර අඛණ්ඩව පවතින අතරතුර, ටෙහෙරානය පුරා "ආරක්ෂක මූලස්ථානවලට" පහර දුන් බව ඊශ්‍රායලය ප්‍රකාශ කළේය.
'ඉරාන නාවික හමුදාවට අයත් යාත්‍රාවක් ගාල්ල වරායට නුදුරින් අනතුරට ලක්වීම': අප මෙතෙක් දන්නේ මොනවා ද?
"ඉරාන නාවික හමුදාවට අයත් යාත්‍රාවක්" ගාල්ල වරායේ සිට නාවික සැතපුම් "40ක් පමණ දුරින් අනතුරට" ලක්ව තිබේ. බීබීසී සිංහල කළ විමසීමකදී ආරක්ෂක අමාත්‍යංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මේ බව තහවුරු කළේ ය. එහි කාර්ය මණ්ඩලය මුදා ගැනීමේ මෙහෙයුමක් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව ඔහු පැවසීය.
දික්ඔය රෝහල්දී කාන්තා මළ සිරුරක් දූෂණයට ලක්කර ඇතැයි කියන සිද්ධියක් ගැන අභ්‍යන්තර විමර්ශනයක්
හැටන්, දික්ඔය මූලික රෝහලේ පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා තැන්පත් කර තිබූ කාන්තා මළ සිරුරක් රෝහලේ සේවකයින් තිදෙනෙකු විසින් දූෂණය කරනු ලැබූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රෝහල් පරිපාලනය අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර තිබේ.
කෙටි වීඩියෝ
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
Rebuilding Sri Lanka අරමුදල නීත්‍යනුකූල ද?: බීබීසී RTI ඉල්ලීමෙන් හෙළිදරව් වූ කරුණු 8ක්
"Rebuilding Sri Lanka යනුවෙන් අරමුදලක් ඔබ ආයතනය යටතේ පවතින්නේ ද?" යනු අප විසින් ජනාධිපති කාර්යාලය සහ මුදල් අමාත්‍යංශය වෙත යොමු කළ පළමු ප්‍රශ්නයයි. මුලින් සඳහන් කළ පරිදි මුදල් අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ එය ජනාධිපති කාර්යාලයේ විෂය පථයට අයත් වන බැවින් එම අමාත්‍යංශය යටතේ එවැනි අරමුදලක් නොමැති බව පවතින තොරතුරු අනුව පෙනී යයි. ජනාධිපති කාර්යාලය පවසන්නේ "Rebuilding Sri Lanka අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටුවීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින," බව ය.
PayPal සේවා ශ්‍රී ලංකාව තුළ පූර්ණ වශයෙන් ක්‍රියාත්මක ද? බලධාරීන් පවසන්නේ කුමක් ද?
PayPal සේවා පූර්ණ වශයෙන් ශ්‍රී ලංකාව තුළ දැන් ක්‍රියාත්මක බවට සමාජ මාධ්‍යවල මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. PayPal වෙබ් අඩවියට අනුව, වසර 25කට අධික කාලයක් පුරා ඔවුහු රටවල් 200කට ආසන්න සංඛ්‍යාවක පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු සහ මාර්ගගත ගෙවීම් සාර්ථක කර ගැනීමට දායක වෙති.
රජය හඳුන්වාදීමට සැරසෙන සැකකරුවන් බන්ධනාගාරගත නොකර නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද?
"අලුතින් අපි පනතක් ගේන්න ජස්ටිස් යසන්ත කෝදාගොඩ මහත්තයා එක්ක වැඩ කරනවා. රිමාන්ඩ් කරනවා වෙනුවට නිවාස අඩස්සියේ තැබීමේ පනතක්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික් මොනිටරින් හරහා. එහෙම වුණොත් ඒ හරහාත් අවස්ථාව ලැබෙනවා, සෙනග අඩු කර ගන්න. මතක තියා ගන්න අපිට ගැටලුව වෙලා තියෙන්නේ වැරදිකරු වෙලා ඉන්න දහදාහක සෙනග නෙමෙයි, අනිත් කොටස."
ඉරානය දෙස ලෝක අවධානය යොමුවෙද්දී ලොව විශාලතම නාවික බලඇණියේ ප්‍රධානියා ශ්‍රී ලංකාවට පැමිණියේ ඇයි?
ඇමෙරිකා එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් "වෙබ්" කේලර් තෙදින නිල සංචාරයක් සඳහා අද (පෙබ: 19) ශ්‍රී ලංකාවට පැමිණි බව මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර යි. ඇමෙරිකා එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරීවරයා ලබන 21 වන දා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිත ය. ලොව විශාලතම නාවික හමුදා බලඇණි විධානය වන ඇමෙරිකා පැසිෆික් නාවික බලඇණිය ලෝකයේ අඩකට ආසන්න මුහුදු කලාපයක් පුරා ක්‍රියාත්මක වෙමින්, වැදගත් මුහුදු මාර්ග ආරක්ෂා කරමින් සහ ඉන්දු-පැසිෆික් කලාපය පුරා හවුල්කරුවන් අතර සම්බන්ධතා ශක්තිමත් කරන බව මෙරට පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ.
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත්වූවන්ට රජයෙන් මේ දක්වා වන්දි ගෙවා ඇති අයුරු
ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ පෙර නොවූ විරූ තරම් විනාශයක් සිදුකළ දිට්වා සුළිකුණාටුවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමේ ප්‍රගතිය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් අනාවරණය කර තිබේ. ලෝක බැංකු ඇස්තමේන්තුවට අනුව දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට සිදුව ඇති හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 4.1කි. දැනට විදෙස් රටවලින් ද ඇතුළුව රීබිල්ඩිං ශ්‍රී ලංකා අරමුදලට ලැබී ඇති ආධාර ප්‍රමාණය රුපියල් බිලියන 10කට ආසන්න බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කළේ ය.



















































