'දෙවන ලෝක යුද්ධයෙන් පසු එල්ල කළ පළමු ටෝපිඩෝවෙන් නෞකාව ගිලී ගියා' යැයි ඇමෙරිකානු ආරක්ෂක ලේකම් කළ ප්‍රකාශය වැරදියි
ටොම් එජින්ටන් විසිනි - BBC Verify
එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් වාර්තාකරුවන්ට පැවසුවේ එක්සත් ජනපද සබ්මැරීනයක් ඉන්දියානු සාගරයේදී ඉරාන යුද නැවක් ටෝපිඩෝවකින් ගිල්වා දැමූ බවයි.
ඔහු කියා සිටියේ එය "දෙවන ලෝක යුද්ධයෙන් පසු සතුරු නැවක් ටෝපිඩෝවකින් ගිල්වා දැමූ පළමු අවස්ථාව" බවයි.
එහෙත් මෙය නිවැරදි නැහැ.
1982 ෆෝක්ලන්ඩ් යුද්ධයේදී, ආර්ජන්ටිනාවේ එකම කෲස් නෞකාව වන ජෙනරල් බෙල්ග්‍රානෝ, බ්‍රිතාන්‍ය න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනයක් එල්ල කළ ටයිගර්ෆිෂ් ටෝපිඩෝ දෙකකට හසුවීමෙන් පසු දකුණු අත්ලාන්තික් සාගරයේ ගිලී ගියා.
1971 දී තවත් ගිලී යාමක් සිදු විය, ඉන්දියානු ෆ්‍රිගේට් නෞකාවක් වන INS කුක්රි පාකිස්ථාන සබ්මැරීනයක් විසින් ටෝපිඩෝවකින් ගිල්වා දැමුවා.
කෙසේ වෙතත්, ඉරාන යුද නෞකාව ගිල්වා දැමීම 1945 න් පසු ඇමෙරිකානු සබ්මැරීනයක් මේ ආකාරයෙන් සතුරු නැවක් ගිල්වා දැමූ පළමු අවස්ථාව වනු ඇත.

ඡායාරූප මූලාශ්‍රය, PA Media

















