ඉරානයට එරෙහි ඇමෙරිකා-ඊශ්‍රායල් යුද්ධය: ඔබ දැනගත යුතු සියල්ල සිතියම්වලින්

A wrecked black car sits between two red traffic cones among debris outside a hotel in Manama, Bahrain on Sunday 1 March 2026, with two other cars behind a palm tree in the background.

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, බහරේනයට ඉරානය එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව එක් නිලධාරියෙක් බීබීසීයට පැවසීය
කියවීමේ කාලය: මිනිත්තු 7

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කර එරට උත්තරීතර නායකයා ඝාතනය කිරීමෙන් පසු සඳුදා දිනයේදීත් මැද පෙරදිග සහ ගල්ෆ් කලාප පුරා ඉලක්ක වෙත ඉරාන ප්‍රහාර එල්ල විය.

සති අන්තයේදී ඊශ්‍රායල් හමුදාව, ඇමෙරිකා එක්සත් ජනපදය සමග පුළුල් ඒකාබද්ධ ප්‍රහාර සිදු කරන බවට නිවේදනය කරමින් බටහිර සහ මධ්‍යම ඉරානයේ ගුවන් ආරක්ෂක පද්ධති විනාශ කළේ ය.

එතැන් සිට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත්තේ, වොෂින්ටනයේ සියලු අරමුණු සාක්ෂාත් කර ගන්නා තෙක් සටන් මෙහෙයුම් "පූර්ණ බලයෙන්" අඛණ්ඩව කරගෙන යන බව ය.

ටෙහෙරානයට සිදුවී ඇත්තේ කුමක් ද?


A detailed BBC map of Tehran showing the locations of several US and Israeli air strikes close to strategic locations across the city. Red explosion icons mark strike sites. One is near the Ministry of Intelligence in the north-central area. Two more are shown in the south‑central area close to the Presidential Office. An inset box on the left contains a satellite image labelled “Strike on Leadership House” showing damaged buildings and dark smoke marks. Please put your translation of all words in here for people who are sight impaired.

ඉරානයේ ජ්‍යෙෂ්ඨ දේශපාලන සහ ආරක්ෂක නිලධාරීන්ගේ රැස්වීම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල් හමුදාව පැවසීය.

ඉරාන අගනුවරින් නිකුත් වූ සත්‍යාපනය කරන ලද වීඩියෝවලින් පසුගිය සෙනසුරාදා [පෙබරවාරි 28] එම අගනුවරට ඉහළින් විශාල දුම් වළලු නැඟී එන ආකාරය පෙන්නුම් කෙරිණි.

BBC Verify වෙත එදින උදෑසන නගරයට එල්ල වූ ප්‍රහාරවල චන්ද්‍රිකා ඡායාරූප ලැබුණු අතර, එහි දැක්වෙන්නේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ කාර්යාලය වන නායකත්ව මන්දිර සංකීර්ණයේ කොටසකට සැලකිය යුතු හානියක් සිදුවී ඇති බව ය.

ටෙහෙරානයේ විවිධ ස්ථාන 13ක සහ ඉරානය පුරා නගර 12කට එල්ල වූ ප්‍රහාර පිළිබඳ දෘශ්‍ය සාක්ෂි BBC Verify කණ්ඩායම මේ දක්වා තහවුරු කර තිබේ.

A satellite image shows black smoke rising above the compound of Leadership House, the office of Iran's Supreme Leader Ayatollah Ali Khamenei

ඡායාරූප මූලාශ්‍රය, Airbus

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ කාර්යාලය වන නායකත්ව මන්දිරයට ඉහළින් කළු දුමාරයක් නැගී යන ආකාරය චන්ද්‍රිකා ඡායාරූපයක දැක්වේ.

ඉරානයේ ඉතිරි ප්‍රදේශවලට සිදුව ඇති හානි මොනවා ද?

ටෙහෙරාන් සිතියම

ඉරානයට එරෙහි ඇමෙරිකා-ඊශ්‍රායල් මෙහෙයුමේදී අවම වශයෙන් පුද්ගලයින් 555 දෙනෙකු මිය ගොස් ඇති බව ඉරාන රතු අඩ සඳ සංවිධානය පැවසීය. ප්‍රහාරයේදී ඇමෙරිකානු හමුදා සෙබළුන් සිව් දෙනෙකු මිය ගොස් පස් දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.

සෙනසුරාදා [පෙබ: 28] දින මිසයිල තුනකින් එල්ල වූ ප්‍රහාරවලින් ඉරානයේ දකුණු ප්‍රදේශයේ මිනාබ්හි බාලිකා පාසලක අවම වශයෙන් 153 දෙනෙකු මිය ගිය බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. මෙය ස්වාධීනව සත්‍යාපනය කිරීමට බීබීසීයට නොහැකි වී තිබේ.

කෙරමෙන්ෂා සහ ටැබ්‍රීස්හි හමුදා කඳවුරු සහ කොනරක්හි ඉරාන නාවික පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන ලදී.

ඇමෙරිකානු හමුදා ඉරාන නාවික නෞකා නවයක් ගිල්වා ඔවුන්ගේ නාවික මූලස්ථානයට "දැවැන්ත හානියක් සිදු කළ" බව ට්‍රම්ප් පැවසීය.

ඉරාන ජන ඝනත්වය

ලෙබනනයේ සිදුවී ඇත්තේ කුමක් ද?

බේරූට්හි හිස්බුල්ලා සංවිධානයේ ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පසු සඳුදා [මාර්තු 02] වන විට ලෙබනනයේ අවම වශයෙන් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගිය බව වාර්තා විය. ඒ, ඊශ්‍රායලයේ හයිෆා නගරයට එම කණ්ඩායම රොකට් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව ය. ඊට පෙර දිනයේ ඊශ්‍රායලයේ නගරයක නවාතැන් ගෙන සිටි පුද්ගලයන් පිරිසක් සිටි ස්ථානයකට එල්ල වූ ඉරාන මිසයිලයකින් නව දෙනෙකු මිය ගිය බව හදිසි සේවා පවසයි.

ඊශ්‍රායලයේ ගුවන් ප්‍රහාරය ලෙබනන්හි අගනුවර දකුණු තදාසන්න ප්‍රදේශවල හිස්බුල්ලා සංවිධානයේ බළකොටුව මෙන් ම නගරයේ ගුවන් තොටුපළට ආසන්න ප්‍රදේශ ඉලක්ක කර ගත්තේ ය.

ඉරානය ප්‍රහාර එල්ල කළ රටවල් මොනවා ද?

A BBC regional map highlighting Iran in white with its name in black. Countries that have come under fire from Iran are labelled in red - Israel, Kuwait, Qatar, Bahrain, UAE, Jordan, Cyprus, Lebanon, Saudi Arabia. Surrounding countries are grey. Please put your translation of all words in here for people who are sight impaired.

ඉරානය ප්‍රතිචාර දැක්වූයේ ඊශ්‍රායලයට සහ කලාපයේ ඇමෙරිකානු කඳවුරුවලට ප්‍රහාර එල්ල කිරීමෙනි. ගල්ෆ් රටවලට ගුවන් ප්‍රහාර එල්ල කළ බවට ද චෝදනා එල්ල වී තිබේ.

කටාර්හි ප්‍රධාන ගෑස් කම්හලකට ඉරානයෙන් ප්‍රහාර එල්ල වූ බව වාර්තා විය. එරට ආරක්ෂක අමාත්‍යාංශය පසුව පැවසුවේ, ඉරාන ගුවන් යානා දෙකක්, මිසයිල හතක් සහ ඩ්‍රෝන යානා පහක් වෙඩි තබා බිම හෙළූ බව ය.

ඊශ්‍රායලයේ බෙයිට් ෂෙමේෂ් නගරයට ඉරිදා [මාර්තු 01] එල්ල වූ මිසයිලයකින් අවම වශයෙන් පුද්ගලයින් නව දෙනෙකු මිය ගිය බව හදිසි සේවා පවසයි.

ඩුබායි සහ අබුඩාබි යන සංචාරක ගමනාන්ත ඇතුළත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය ඉරිදා [මාර්තු 01] ප්‍රකාශ කළේ ය.

කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉරිදා එක් මරණයක් වාර්තා කළේ ය. අලි අල්-සලෙම් ගුවන් කඳවුරට බැලස්ටික් මිසයිල ගණනාවක් එල්ල වූ අතර ඒවා සාර්ථකව නතර කළ බව නිලධාරීහු පවසති.

මැද පෙරදිල ඇමෙරිකානු හමුදා කඳවුරු සිතියම
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා පැවසුවේ, සඳුදා [මාර්තු 02] කුවේට් හමුදාව එක්සත් ජනපද ප්‍රහාරක ජෙට් යානා තුනක් බිම හෙළූ බවත් එය මිත්‍රශීලී වෙඩි තැබීමේ සිදුවීමක් ලෙස විස්තර කළ බවත් ය. එහි සඳහන් වූයේ, කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනා ම ආරක්ෂිතව බේරා ගත් බව ය.

අසල්වැසි ඉරාකයේ, එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධාන හමුදා රැඳී සිටින ඉර්බිල් ගුවන්තොටුපළට ඉහළින් සඳුදා ඩ්‍රෝන යානා තුනක් බිම හෙළූ බව වාර්තා වේ.

බහරේනයේ ජාතික සන්නිවේදන මධ්‍යස්ථානය සෙනසුරාදා [පෙබරවාරි 28] පැවසුවේ, එක්සත් ජනපද නාවික හමුදාවේ පස් වන බලඇණියේ සේවා මධ්‍යස්ථානය "මිසයිල ප්‍රහාරයකට ලක් වී ඇති" බව ය.

බහරේනයේ ද, ගමන් කරන වාහනයක සිට රූගත කරන ලද එක් සත්‍යාපනය කරන ලද වීඩියෝවක මිසයිලයක් වැදුණු මොහොත පෙන්වයි. ඉන්පසු පිපිරීමක් සිදු වන අතර, කැබලි සහ සුන්බුන් අහසට විසි වේ.

ඉරිදා සවස [මාර්තු 01] ඇමෙරිකානු නාවික කඳවුරට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමෙන් විශාල ගින්නක් ඇති වූ බව නිලධාරියෙක් බීබීසී වෙත පැවසීය. නමුත් ජීවිත හානි පිළිබඳ වාර්තා නොමැත.

බහරේනයට ඉරානය එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

ඉරානයේ බැලස්ටින් මිසයිලවල පරාසය

සෞදි අරාබියේ රාජ්‍ය ඉන්ධන සමාගමක් වන ඇරම්කෝ විසින් මෙහෙයවනු ලබන රාස් තනුරා පිරිපහදුවේ ඇති වූ ගින්නක් සඳුදා [මාර්තු 02] පාලනය කළ බව නිලධාරීහු පැවසූහ. ඒ, ඩ්‍රෝන යානා දෙකක් විනාශ කිරීමෙන් පසුව ය.

ඊශ්‍රායලයට මායිම්ව පිහිටි ජෝර්දානයේ නිලධාරීන් පැවසුවේ, තම සන්නද්ධ හමුදා තම භූමිය ඉලක්ක කර ගත් බැලස්ටික් මිසයිල බිම හෙළූ බව ය.

ඕමානයේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය ඉරිදා [මාර්තු 01] වාර්තා කළේ, ඩක්ම් වාණිජ වරායට ඩ්‍රෝන යානා දෙකක් එල්ල වී ඇති අතර ඉන් එක් සේවකයෙකු තුවාල ලබා ඇති බව ය.

සයිප්‍රසයේ සිදුව ඇත්තේ කුමක් ද?

ඉරාන ඩ්‍රෝන යානයක් බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා කඳවුරක් වන ඇක්‍රොටිරි වෙත මධ්‍යම රාත්‍රියේ (බ්‍රිතාන්‍ය වේලාවෙන් ඉරිදා 22:00ට) කඩා වැටුණු බව සයිප්‍රස් ජනාධිපති නීකොස් ක්‍රිස්ටොඩූලීඩිස් නිවේදනය කළේ ය.

ඉන් කිසිදු ජීවිත හානියක් වාර්තා නොවූ අතර, කඳවුරට "අවම හානියක්" සිදුවී ඇති නමුත් එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ එහි සාමාජිකයන් ඉවත් කරන බව ය.

සඳුදා සයිප්‍රස් රජයේ ප්‍රකාශකයෙකු පැවසුවේ, RAF අක්‍රොටිරි දෙසට ගමන් කරමින් තිබූ තවත් ඩ්‍රෝන යානා දෙකක් විනාශ කළ බව ය

ගැටුම ගෝලීය ආර්ථිකයට බලපාන්නේ කෙසේ ද?

හෝමූස් සමුද්‍ර සන්ධිය

යුද්ධය සහ හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් නිෂ්පාදකයින්, රක්ෂණකරුවන් සහ නැව් සමාගම් අර්බුදයකට මුහුණ දීමත් සමග සඳුදා ගෝලීය ඉන්ධන හා ගෑස් මිල තියුණු ලෙස ඉහළ ගියේ ය.

ලොව විශාලතම ද්‍රවමය ස්වාභාවික ගෑස් (LNG) නිෂ්පාදකයා වන කටාර් එනර්ජි සමාගම සිය නිෂ්පාදන නතර කරන බව ප්‍රකාශ කිරීමෙන් පසු යුරෝපීය ගෑස් මිල 30%කට වඩා ඉහළ ගියේ ය.

ගෝලීය LNG සැපයුම්වලින් පහෙන් එකක් පමණ සපයන්නේ කටාර් රාජ්‍යය යි.

පසුගිය දින දෙක තුළ සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමනයට ප්‍රහාර කිහිපයක් එල්ල විය.