සිඩ්නි ගින්න ලැව් ගින්නක්ද? ගිනි තැබීමක්ද?

ඕස්ට්‍රේලියාව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ගින්න පැතිරෙමින් ඇති ප්‍රදේශවල පුද්ගලයන් සිය නිවෙස්වලින් ඉවතට ගෙන ආරක්ෂක ස්ථාන කරා යොමු කර ඇත.
කියවීමේ කාලය: මිනිත්තු 2

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට තර්ජනයක් එල්ල කරමින් පැතිර යමින් පවතින ගින්න යම්කිසි පුද්ගලයෙකු විසින් සිතාමතා සිදු කරන ලද ගිනි තැබීමක් විය හැකිදැයි පොලිසිය සැක පළ කරයි.

පසුගිය සෙනසුරාදා ආරම්භ වූ මෙම ගින්නෙන් හෙක්ටයාර් 2500 ක් පමණ කලාපයක් මේ වනවිට විනාශ වී ඇත.

ගින්නෙන් ඇතිවිය හැකි ජීවිත හානි පිළිබද ප්‍රදේශවාසීන්ට අනතුරු අඟවා ඇතත්, ගිනි නිවන භටයන් පවසන්නේ ගින්න සාර්ථකව මැඩ පවත්වා ඇති බවය.

"මෙම ගින්න ඉතා සැක සහිතයි" නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ගිනි නිවන හමුදාව ප්‍රකාශ කර ඇත.

"යම්කිසි පුද්ගලයකු විසින් සිතා මතා මේ ගිනි තැබීම සිදු කර ඇත්නම්, ඔහු අපේ ගිනි නිවන භටයින් වගේම ප්‍රදේශවාසීන් බරපතල අනතුරකට හෙළා තිබෙනවා" ගිනි නිවන හමුදාවේ කොමසාරිස් ෂේන් ෆිට්ස්සිමොන්ස් පවසයි.

ඔස්ට්‍රේලියාව

ඡායාරූප මූලාශ්‍රය, DYLAN LONG

ඡායාරූප ශීර්ෂ වැකිය, පාපන්දු පිට්ටනියකට ගින්න දිස් වූ ආකාරය.

ගින්න පැතිරෙමින් ඇති ප්‍රදේශවල පුද්ගලයන් සිය නිවෙස්වලින් ඉවත් කොට ආරක්ෂක ස්ථාන කරා යොමුකර ඇති අතර, තවත් පිරිසකට ඔවුන්ගේ නිවෙස්වලින් බැහැර වීම අනාරක්ෂිත බවට අනතුරු අඟවා ඇත.

පසුගිය කාලය තුළ ඕස්ට්‍රේලියාවේ ගිනිකොන ප්‍රදේශයෙන් ඉතා උණුසුම් කාලගුණ තත්වයක් වාර්තා වුණ අතර දැඩි සුළං හේතුවෙන් ලැව්ගිනි පැතිරීම වේගවත් වී ඇත.

නමුත් අද දින (අප්‍රේල් 16) වන විට දැඩි සුළං තත්වය පහව ගොස් ඇති හෙයින් ගින්න මැඩපැවැත්වීමේ කටයුතු පහසු වී ඇතැයි අදාළ නිලධාරීහු පැවසූහ.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

"මිනිසුන්ගේ ගෙවල් පිටුපසට වෙන තෙක් ගින්න පැතිරී තිබුණත්, කිසිම නිවාසයක් විනාශ වුණේ නැහැ. අවදානම් තත්වය පාලනය කර තිබුණත් ප්‍රදේශවාසීන්ට තව දුරටත් අවදානයෙන් සිටින ලෙස ඉල්ලා සිටිනවා. අද දින ඇතුළත අපට තව බොහෝ වැඩ කටයුතු ඉටු කිරීමට තිබෙනවා" යැයි ෆිට්ස්සිමොන්ස් පැවසීය.

ගින්න මැඩපැවැත්වීම සදහා හෙලිකොප්ටර් යානා මගින් ජලය ඉසිනු ලැබුණි.

Australia

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ගින්න මැඩපැවැත්වීම සදහා හෙලිකොප්ටර් යානා මගින් ජලය ඉසීමට ද කටයුතු කර තිබිණි.

සිඩ්නි නුවර ගිනි නිසා මතුවී ඇති තත්ත්වය පිළිබඳ තොරතුරු සහ අත්දැකීම් ඔබ සතුනම් ඒ පිළිබඳ අපට දන්වන්න,

දුරකතන :

+44 (0) 20 36144039

+ 44 (0)20 36140556

+ 44 (0)20 36140555

+ 44 (0)20 36140554

+ 44(0) 20 36140551

+ 44(0) 20 36140552

Facebook (ෆේස්බුක්) පිවිසෙන්න: https://www.facebook.com/BBCSinhala

ඊමේල් : sinhala@bbc.co.uk

මේ තොරතුරුද දැනගන්න: