නවසීලන්තය, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 2025 වසර පිළිගත් අයුරු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නව වසර උදාවට පැය තුනකට පෙර ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ගිනිකෙළි සංදර්ශන ආරම්භ විය
කියවීමේ කාලය: මිනිත්තු 2

ලොව පුරා ජනතාව 2024 වසරට සමු දෙමින් - 2025 වසරේ උදාව මහත් හරසරින් සමරමින් සිටිති.

ඡායාරූප ශීර්ෂ වැකිය, නව වසර සැමරූ ලොව පළමු ප්‍රධාන නගරය වන්නේ නවසිලන්තයේ ඕක්ලන්ඩ් නගරයයි
ඡායාරූප ශීර්ෂ වැකිය, 2025 වසරේ උදාව පළමුව සමරන නගර ගැන ඔබ දන්නවාද?

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයට ඉහළ අහස මල්වෙඩි සංදර්ශන වලින් දැනටමත් ආලෝකමත්ව ඇත. නව වසර සැමරූ ලොව පළමු ප්‍රධාන නගරය වන්නේ ඕක්ලන්ඩ් නගරයයි.

ලොව පුරා ඔරලෝසුවල මධ්‍යම රාත්‍රිය සනිටුහන් වන්නේ කෙසේද?

ලොවපුරා රටවල් 2025 වසරේ උදාව සමරන වේලාවන් (ශ්‍රී ලංකාවේ වේලාවෙන්)

  • කිරිබතී - පස්වරු 3.30
  • නවසීලන්තය - පස්වරු 4.30
  • ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ - පස්වරු 6.30
  • ජපානය හා දකුණු කොරියාව - පස්වරු 8.30
  • ශ්‍රී ලංකාව සහ ඉන්දියාව - මධ්‍යම රාත්‍රී 12.00
  • එක්සත් රාජධානිය ඇතුළු රටවල් 25 - හෙට අලුයම 05.30
  • බ්‍රසීලය සහ ආර්ජන්ටිනාව - හෙට පෙරවරු 8.30
  • එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරය - හෙට පෙරවරු 10.30