ලෝක ශූර ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාවට වාර්තාගත එක්දින තරග ජයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කියවීමේ කාලය: මිනිත්තු 3

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කරමින් දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (පෙබරවාරි 14 වැනිදා) සමත් විය.

මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ලැබූ දැවැන්තම එක්දින තරග ජයග්‍රහණය (ලකුණු පරතරය අනුව) ලෙස වාර්තා අතරට එක්විය.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම ආසියාවේදී දැවී ගිය අඩුම එක්දින ලකුණු සංඛ්‍යාව මෙය වන අතර ශ්‍රී ලංකාවට එරෙහිව දැවී ගිය දෙවන අඩුම ලකුණු සංඛ්‍යාව වේ.

එමෙන්ම මෙය චැම්පියන්ස් කුසලානයට පෙර ඔස්ට්‍රේලියව ලැබූ දැඩි පසුබෑමක් ලෙස සැලකිය හැකිය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අද තරගයේදී කුසල් මෙන්ඩිස් ලකුණු 101ක් රැස් කිරීමට සමත් විය

අද තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවට ලබාදුන් ඉලක්කය ලකුණු 282කි.

ඊට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාවට පන්දුවාර 24.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 107ක් පමණි.

ඒ අනුව තරග 2කින් යුත් තරගාවලිය තරග 2-0ක් ලෙසින් ශ්‍රී ලංකාව ජය ගත්තේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම තරගාවලියේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වෙල්ලාලගේ කඩුළු 6ක් බිඳ හෙලීම විශේෂත්වයකි

ඔස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව නායක ස්ටීවන් ස්මිත් විසින් ලබාගත් අතර, ඔහු ලකුණු 29ක් රැස් කළේය.

ප්‍රහාරාත්මක පිතිකරු ග්ලෙන් මැක්ස්වෙල්ගේ ඉනිම එක් ලකුණකට සීමාවිය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 35කට කඩුලු 4ක් දවාගත්තේය.

එමෙන්ම මෙම තරගයේදීම ශ්‍රී ලංකා ජයග්‍රහණයට සාර්ථක ආරම්භය ලබාදුන් අසිත ප්‍රනාන්දු ලකුණු 23කට කඩුලු 3ක් දවාගත්තේය.

ආරම්භක පිතිකරු යුගලය ඇතුළ පළමු කඩුලු තුනම අසිත තමන් සතු කර ගත්තේය.

මෙම තරගාවලියේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වෙල්ලාලගේ කඩුළු 6ක් බිඳ හෙලීම විශේෂත්වයකි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, තරගය අවසානයේදී මාධ්‍ය අමතමින් ඔස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් පැවසුවේ, ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉතා හොඳින් පන්දු යැවූ බවය

තරගය අවසානයේදී මාධ්‍ය අමතමින් ඔස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් පැවසුවේ, ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉතා හොඳින් පන්දු යැවූ බවය.

'ශ්‍රී ලංකාවට ගෞරවය හිමිවෙනවා, ඔවුන් මේ තනතිල්ලේ හොඳින් ක්‍රීඩා කළා.' ඔහු පැවසීය.

තරගයේ වීරයා වූයේ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක ය.

"මන්ත්‍රයක් නැහැ. මට ඕනෑ වුණේ ශතක රැස්කරගෙන එක එක පන්දු යවන්නා කඩුලු තුන හතරක් දවා ගන්න එක.