2022 ජූලි 9: ශ්‍රී ලාංකික පුරවැසියන් ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීමෙන් පසු ගත වුණු වසර තුන තුළ සිදු වූයේ මොනවා ද?

පාලන තන්ත්රයකට එරෙහිව ශ්‍රී ලංකා ඉතිහාසයේ එදා මෙදා තුර සිදුවූ ජනතා නැගිටීම සිදුවී මේ වන විට වසර 3ක් ගත වී අවසන් ය.
ආණ්ඩු විරෝධී විරෝධතාවල ප්‍රතිඵලයක් ලෙස බලයෙන් පහ කෙරුණු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් පසු ජනාධිපති ධූරයට රනිල් වික්‍රමසිංහ පත් විය.
ඉන් පසුව පැවති ජනාධිපතිවරයෙන් සහ මහ මැතිවරණයෙන් රටේ පාලන බලය ඉතිහාසය වෙනස් කරමින් ප්‍රථම වරට අනුර කුමාර දිසානායක ප්රමුඛ වාමවාදී නැඹුරුවක් සහිත ජාතික ජන බලවේගය අතට පත් විය.
මේ, ජනතා නැගීමේ කූඨප්රාප්තිය සිදුවූ 2022 වසරේ ජූලි 9 වන දා සිට ගත වුණු වසර තුන ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ සිදු වූ සිදුවීම්වල පෙළ ගැස්මකි.
ජූලි 09: වසර තුනකට පසු
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජූලි 13 වන දා ඉල්ලා අස්වන බවට දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශයට පත් කළේ ය.
මහජන උද්ඝෝෂණ හමුවේ ජනපති මන්දිරය හැර ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පලා ගියේය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වූ බව කතානායකවරයා නිවේදනය කළේ ය.
රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනපති ලෙස අගවිනිසුරු ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් 8 වන විධායක ජනපති ලෙස පත් විය.
ගාලු මුවදොර අරගලකරුවන්ට ආරක්ෂක අංශ වෙතින් අමානුෂික ප්‍රහාර එල්ල විය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, රට සහ මහජනතාව බංකොලොත්භාවයට පත් කිරීමට වගකිව යුතු බවට වන මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නම් කරන ලදී.
ගාලු මුවදොර 'ගෝඨා ගෝ ගම' අරගල භූමියෙන් ඉවත් වීමට අරගලයේ නිරත ක්‍රියාකාරින්ගෙන් බහුතරයක් තීරණය කළහ.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි හා කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වූ හෂාන් ජීවන්ත යන තිදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි සහ හෂාන් ජීවන්ත යන තිදෙනා PTA යටතේ දින 90ක් රඳවා තබාගැනීමට රැඳවුම් නියෝගයක් නිකුත් කෙරිණි.
IMF විසින් ශ්‍රී ලංකාව වෙත USD බිලියන 2.9ක් ලබා දීමට ශ්‍රී ලංකා බලධාරීන් සමග කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීම.
පලාගිය හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයේ සිට මෙරටට නැවත පැමිණියේ ය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා කැඳවීම ආරම්භ විය.
PTA යටතේ දින 89ක් රඳවා තබා ගැනීමෙන් අනතුරුව, රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කෙරිණි.
විරෝධතා පැවැත්වීම සම්බන්ධයෙන් වසන්ත මුදලිගේට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කර තිබූ නඩු 3ට ම ඇප නියම විය.
ජනපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත වසර 34කට පසු මහනුවර, ශ්‍රී දළදා මාළිගාවේ ජනරජ පෙරහැර නමින් පෙරහරක් පැවැත්විණි.
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව වැඩි ජන්ද 60කින් සම්මත විය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව පරාජයට පත් වීම.
රට තුළ මතු වී ඇති ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ය.
සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා පොලිසිය 'යුක්තිය' මෙහෙයුම ඇරඹීය.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.
සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේදී ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීමේ සිදුවීම සම්බන්ධ චෝදනාව මත කෙහෙළිය රඹුක්වැල්ල CID අත්අඩංගුවට පත් වීම.
ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබල වේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඉන්දීය සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියේ ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පොලිස් දෙපාර්තමේන්තුවේ 36 වන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත් කරන ලදී.
වසර 20ක කාලයක් සඳහා ඉන්දියාවේ අදානි ග්‍රීන් එනර්ජි සමාගමෙන් විදුලිය මිල දී ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිවිය.
ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමට අදාළ ජනාධිපතිවරණය පැවැත්විණි.
අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය. ඉතිහාසයේ පළමු වරට මෙම ජනාධිපතිවරණයේදී දෙවන මනාපය ගණනය කිරීම ද සිදු විය.
ආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකාවේ තෙවන අගමැතිවරිය ලෙස දිව්රුම් දුන්නා ය.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් ආරම්භ විය.
ජාතික ජන බලවේගය මහ මැතිවරණයෙන් ආසන 159ක විශිෂ්ඨ ජයක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවේ 2/3 බලය ලබා ගැනීමට සමත් විය. කාන්තා මන්ත්‍රීවරියන් 22ක් තේරී පත් වෙමින් ඉතිහාසයේ වැඩි ම කාන්තා නියෝජනය සහිත පාර්ලිමේන්තුවට බවට එය පත් වීම.
අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ මතු වූ ආන්දෝලනයක් හේතුවෙන් කතානායකවරයා ලෙස කටයුතු කළ අසෝක රන්වල ඉල්ලා අස්විය.
අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව සිය ප්‍රථම විදෙස් සංචාරය ලෙස අසල්වැසි ඉන්දියාව බලා පිටත්ව ගියේ ය.
ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් Clean Sri Lanka වැඩසටහන ආරම්භ විය.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දෙවන විදේශ සංචාරය ලෙස මහජන චීන සමූහාණ්ඩුවේ සිව්දින සංචාරයක් සඳහා පිටත්ව ගියේ ය.
ජනාධිපති අනුර කුමාර දිසානායක සිය තුන් වන නිල සංචාරය ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව ගියේ ය.
අමාත්‍ය වසන්ත සමරසිංහට එරෙහිව 'ඉඩම් වංචා නඩුවක්' අධිකරණය හමුවේ කැඳවිණි.
2020 වසරේ සිට වසර 5ක පමණ කාලයකට පසු ශ්‍රී ලංකාවට පළමු වරට වාහන ආනයන කිරීම සිදු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සමග පවතින විස්තීරණ ණය පහසුකම යටතේ සිදුකළ තෙවන සමාලෝචනය අවසන් කළේ ය.
2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි 'W15' හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබූ වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට භාර විය.
ජාතික ජන බලවේග රජයේ පළමු අයවැය සම්මත විය.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය.
ජනාධිපතිවරයාගේ ඉල්ලීමෙන් වසර 16කට පසු දළදා ප්‍රදර්ශනයක් ආරම්භ විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක වියට්නාමයේ සංචාරයක් සඳහා පිටත්ව ගියේ ය.
වසර කිහිපයක් කල් ගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විණි.
වැල්ලවත්ත නිවාස සංකීර්ණයකදී කාන්තාවක භාරයේ තිබී රන් ආලේපිත T-56 ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන විමර්ශනයට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අත්අඩංගුවට පත්විය.
2015 වසරේ ජනාධිපතිවරණය පැවති සමයේ ස.තො.ස. ආයතනය හරහා කැරම් බෝඩ් 14000ක් සහ දාම් ලෑලි 11000ක් මිල දී ගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදු කළ බවට චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස. හිටපු සභාපති සහ හිටපු වෙළෙඳ ඇමති නලින් ප්‍රනාන්දුට බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම විය.
මූල්‍ය වංචා 30කට අධික නඩු සංඛ්‍යාවක විත්තිකරු ලෙස නම් කර සිටි අනුරාධපුර නගරයේ පිහිටි බැංකුවක කළමනාකාරවරයෙකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය අත්අඩංගුවට ගන්නා ලදී.
ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මනියේ සංචාරයක් සඳහා පිටත්ව ගියේ ය.
ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස බහුතර මන්ත්‍රීවරුන්ගේ මනාපයෙන් තේරී පත් වූවා ය.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීම සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා 13ක් පැවරිණි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය.
ශ්‍රී ලංකාව සඳහා ලබා දෙන මාස 48 ක විස්තීර්ණ අරමුදල් පහසුකමට අදාළ IMF විධායක මණ්ඩලය සිව්වන සමාලෝචනය සම්පූර්ණ කළේ ය.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් හට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දෙනු ලැබිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර නිල වශයෙන් වැඩ භාර ගත්තේ ය.
2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා බඩ ඉරිඟු බීජ බෙදා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් කොමිසමේ අත්අඩංගුවට පත් විය.
සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්රතිලාභ සමාජය තුළ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන 'ප්‍රජාශක්ති' ව්‍යාපෘතිය ආරම්භ විය.






























