හෝමූස් සමුද්‍ර සන්ධිය කුමක් ද? ඉරානයට එය වසා දැමිය හැකි ද? සහ එය ලෝකයට බලපාන්නේ කෙසේ ද?
ලෝකයේ වැදගත්ම තෙල් ප්‍රවාහන නැව් ගමනා ගමන මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනා ගමනය ඇණහිට තිබේ.
ඒ, "මේ හරහා යාත්‍රා කිරීමට උත්සාහ කරන ඕනෑම නෞකාවකට ගිනි තබන බවට" බව ඉරානය සඳුදා ප්‍රකාශ කිරීමෙන් පසුවයි.
රාජ්‍ය රූපවාහිනිය අමතමින්, මෙම අනතුරු ඇඟවීම නිකුත් කරනු ලැබුවේ, ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) ප්‍රධාන අණදෙන නිලධාරියාගේ උපදේශකයෙකු වන ඊබ්‍රහිම් ජබ්බාරි විසින් ය.
"ඔවුන් මේ කලාපයට එන්න හොඳ නැහැ. ඔවුන්ට නිසැකවම අපෙන් බරපතල ප්‍රතිචාරයකට මුහුණ දීමට සිදුවේවි," ඔහු කියා සිටියේ ය.
ලෝකයේ බොරතෙල් වලින් පහෙන් එකක් පමණ ප්‍රවාහනය කරන්නේ, පටුම ස්ථානයේ කිලෝමීටර 40 ක තරම් පළලක් සහිත මෙම සමුද්‍රසන්ධිය හරහාය.
ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ දා සිට ගෝලීය බලශක්ති මිල ගණන් අඛණ්ඩව ඉහළ යමින් පවතී.
ජාත්‍යන්තර තෙල් මිල සලකනු ලබන මිණුම් ඒකකයක් වන බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සඳුදා ඩොලර් 79 ඉක්මවා ගියේය. ප්‍රහාරයේ පළමු දිනය වූ පෙබරවාරි 28 වන දින පැවති මිලට වඩා 9% කින් පමණ බොරතෙල් බැරලයක මිල ඉහළ ගොස් තිබේ.
මැදපෙරදිග සිට චීනයට තෙල් නැව්ගත කිරීම සඳහා සුපිරි තෙල්නැවක් (supertanker) කුලියට ගැනීමේ ගාස්තුව පසුගිය සතියේ සිට දෙගුණ වී ඇති අතර එය දිනකට ඩොලර් 400,000 කට වඩා වැඩි ඉහළම අගයකට ළඟා වී ඇති බව නව දත්ත පෙන්වා දෙයි.
චීනයේ බලපෑම
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
චීනය හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහන කරන තෙල් භාවික කරන විශාලතම තෙල් පාරිභෝගිකයින්ගෙන් කෙනෙකි. මෙම තෙල්වලින් සැලකිය යුතු කොටසක් ඉරානය විසින් ගෝලීය වෙළඳපොළ අනුපාතවලට වඩා අඩු මිලකට අලෙවි කරනු ලැබේ - එය ටෙහෙරානයට ඇමෙරිකානු සම්බාධක සමඟ සාර්ථකව කටයුතු කිරීමට උපකාරී වන වැදගත් ආර්ථික ජීවනාලියකි.
2024 දී ගෝලීය වෙළඳපොළට ඉරානය අපනයනය කළ තෙල්වලින් 90% ක් පමණ චීනය මිලදී ගත් බව පාරිසරික බලපෑම් තක්සේරුව ඇස්තමේන්තු කරයි.
ඉරානයේ විදේශ සබඳතා පිළිබඳ උපායමාර්ගික කවුන්සිලයේ ලේකම් ෆිරෝසාබාඩි පවසන පරිදි, සමුද්‍ර සන්ධිය වසා දැමුවහොත්, "පාඩු ලබන පළමු රට චීනය වන අතර, එබැවින් මේ සම්බන්ධ සාකච්ඡා චීන ජාතිකයින්ට ද වැදගත් වෙනවා."
ඉරාන තෙල්වල ප්‍රධාන පාරිභෝගිකයෙකු ලෙස, චීනය තෙල් මිල ඉහළ යාම හෝ නැව් මාර්ගවලට බාධා කිරීම් පිළිගැනීමට ඇති ඉඩකඩ ඉතා අඩුය. මෙම වැදගත් බලශක්ති කොරිඩෝව වසා දැමීම වැළැක්වීම සඳහා චීනය සිය සම්පූර්ණ රාජ්‍ය තාන්ත්‍රික බර භාවිතා කරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
තෙල් සැපයුම්වලට සිදුවන ඕනෑ ම බාධාවක් ගෝලීය ආර්ථිකයට බරපතළ ලෙස බලපෑ හැකිය. ඉරානයෙන් වැඩිපුර ම ඉන්ධන මිල දී ගනු ලබන සහ ඉරානය සමග ශක්තිමත් සබඳතා ඇති චීනයට හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම බරපතළ ගැටලුවක් වීමට ඉඩ ඇත.
එක්සත් රාජධානියේ MI6හි හිටපු ප්‍රධානී සර් ඇලෙක්ස් යන්ගර් බීබීසීයට පැවසුවේ, ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඔහුගේ නරක ම අවස්ථාව බවයි. මෙය තෙල් මිල ඉහළ යාමට හේතු වන බැවින් මෙය බරපතල ආර්ථික ගැටලු ඇති කරන බව ඔහු පැවසීය.
ඡායාරූප මූලාශ්‍රය, Atta Kenare / Getty Images
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කරන තෙල් ප්‍රමාණය කොපමණ ද?
2023 වසරේ මුල් භාගයේදී දිනකට තෙල් බැරල් මිලියන 20ක් පමණ සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ බව එක්සත් ජනපද බලශක්ති තොරතුරු පරිපාලනය (EIA) පවසයි.
එය මුහුදු මාර්ග හරහා ප්‍රවාහනය කරනු ලබන වසරකට ඩොලර් බිලියන 600කට ආසන්න බලශක්ති වෙළෙඳාමකට සමාන වේ.
සමුද්‍ර සන්ධියේ ඇති වන ඕනෑ ම ගැටලුවක් ගෝලීය තෙල් බෙදාහැරීම අඩාල කළ හැකි අතර මිල ගණන් ඉක්මනින් ඉහළ යා හැකිය.
කෙසේ වෙතත්, විශ්ලේෂකයින් අනතුරු අඟවන්නේ ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින ගැටුම උත්සන්න වීම වඩාත් බරපතල ප්‍රතිවිපාකයක් එල්ල කළ හැකි බවයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරානය සහ ඕමානය අතර පිහිටි මුහුදු මාර්ගයක් වන අතර එහි පිවිසුම් දොරටු කිලෝමීටර 50ක් පමණ පළල වන අතර මැදින් කිලෝමීටර 40ක් පමණ පටු වන නමුත් සමුද්‍ර සන්ධියේ මැද කොටස පමණක් විශාල නැව්වලට ගමන් කළ හැකි තරම් ගැඹුරු ය.
බොහෝ විශේෂඥයින් විසින් හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය කඩාකප්පල් කිරීමට වඩාත් ම ඉඩ ඇති ක්‍රමය ලෙස හමුදා ක්‍රියාමාර්ග සලකනු ලැබේ. මීට පෙර මෙය සිදු වූයේ 1980 සිට 1988 දක්වා ඉරාන-ඉරාක යුද්ධයේදීය.
ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමන්නේ කෙසේ ද?
ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ පර්යේෂණ සේවය විසින් 2012 වසරේදී නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වූයේ හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සඳහා ඉරානය මන්දගාමී පියවර ගත හැකි බවයි. ඒවාට ඇතුළත් වන්නේ:
- හෝමූස් සමුද්‍ර සන්ධිය භාවිත කරන නැව් සඳහා තහනමක් ප්‍රකාශයට පත් කිරීම, එය නොසලකා හැරියහොත් කුමක් සිදුවේදැයි පැහැදිලිව සඳහන් නොකරයි.
- හෝමූස් සමුද්‍ර සන්ධිය පසුකර යන යාත්‍රා පරීක්ෂා කිරීමට හෝ සිය භාරයට ගැනීමට හැකි බව ප්‍රකාශ කිරීම.
- නෞකාවලට අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාර එල්ල කිරීම.
- ඇතැම් නැව්වලට පහර දීමට හමුදා බලය භාවිත කිරීම.
- වාණිජ හා හමුදා යාත්‍රා ඉලක්ක කර ගැනීම සඳහා සබ්මැරීන සහ මිසයිල භාවිත කිරීම.
ඉරාන-ඉරාක යුද්ධයේදී ඉරානය තෙල් ටැංකිවලට එරෙහිව සිල්ක්වෝම් මිසයිල යෙදවූ අතර ගල්ෆ් මුහුදේ මුහුදු බිම්බෝම්බ අටවන ලදී.
මෙම බිම්බෝම්බවලින් එකක් USS සැමුවෙල් බී රොබට්ස් නෞකාවට පහර දුන් අතර, එය ඇමෙරිකානු හමුදාමය ක්‍රියාමාර්ග ගැනීම්වලට හේතු විය.
ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන් ම වසා දැමීමට සමත් නොවූව ද මේ හේතුවෙන් නෞකා සඳහා නැව් රක්ෂණ වියදම් ඉහළ යාමට හේතු වූ අතර ගල්ෆ් කලාපයෙන් පිටවන නැව් සඳහා මිල අධික ප්‍රමාදයන් ඇති කිරීමට සමත් විය.
ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images
ඉරානයේ හමුදා හැකියාවන්
ටෙහෙරානයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මිය යාමට දින දෙකකට පෙර, එවකට ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ (IRGC) අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් හොසේන් සලාමි, හෝමූස් සමුද්‍ර සන්ධියේ ස්ථානගත කර තිබූ නාවික ඒකකය වෙත ගියේ ය.
ඔහු පර්සියානු ගල්ෆ් සහ ඒ අවට ප්‍රදේශ ඉස්ලාමීය ජනරජයේ වඩාත් ම තීරණාත්මක ආරක්ෂක කලාපවලින් එකක් ලෙස විස්තර කළේ ය.
මිනිත්තු තුනකට අඩු කාලයකින් කිලෝමීටර 10ක් ආවරණය කළ හැකි වේගවත් මිසයිල දියත් කිරීමේ බෝට්ටු පිළිබඳව ඔහු විශේෂයෙන් සඳහන් කළේ ය.
මෙම වේග ප්‍රහාරක යාත්‍රා, විශාල යුද නැව් සහ මිසයිල ආරක්ෂක මෙහෙයුම් සඳහා යොදා ගන්නා බව ජෙනරාල් සලාමි පැවසීය. "නෞකා නාශක මුහුදු බෝම්බ නාවික යුද්ධ ගැටුම්වල වඩාත් ම තීරණාත්මක ආයුධවලින් එකක්" ලෙස ඔහු පැහැදිලි කළේය.
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
විශ්ලේෂකයින් කියන්නේ කුමක් ද?
විශේෂඥයින් පවසන්නේ සෑම මසක ම හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නැව් 3,000 නැවැත්වීමට ඉරානයට ඇති හොඳ ම ක්‍රමයක් වන්නේ වේග ප්‍රහාරක නාවික යාත්‍රා සහ සබ්මැරීන භාවිත කර මුහුදු බෝම්බ හෙළීම බවය.
ඉරාන නාවික හමුදාව සහ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව විදේශීය යුද්ධ නැව් සහ වාණිජ යාත්‍රාවලට ප්‍රහාර එල්ල කිරීමේ වැඩි ඉඩකඩක් ඇත.
කෙසේ වෙතත්, ඉරානයේ විශාල යුද්ධ නැව් ඊශ්‍රායල හෝ ඇමෙරිකානු ගුවන් ප්‍රහාර සඳහා පහසු ඉලක්ක බවට පත්විය හැකිය.
ඉරානයේ වේග ප්‍රහාරක යාත්‍රා සාමාන්‍යයෙන් නෞකා නාශක මිසයිලවලින් සමන්විත අතර ඔවුන් සතුව විවිධ වර්ගවල නෞකා, සබ්මැරින් ඇත.
මේ වන විට, චන්ද්‍රිකා පාදක කර ගත් නෞකා නිරීක්ෂණ වෙබ් අඩවි විසින් දකුණු දිග වෙරළ තීරය අසල ඉරාන හමුදා නැව්වල ක්‍රියාකාරකම් සිදුවන බවට සඳහන් කර ඇත.
ඡායාරූප මූලාශ්‍රය, Gallo Images via Getty Images
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් බලපෑමට ලක්වන රටවල් මොනවා ද?
විශ්ලේෂණ සමාගමක් වන වෝටෙක්සා විසින් කරන ලද පර්යේෂණයකින් පෙනී යන්නේ සෞදි අරාබිය හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා දිනකට බොරතෙල් බැරල් මිලියන 6ක් පමණ අපනයනය කරන බවත් එය ඕනෑ ම අසල්වැසි රටකට වඩා වැඩි බවයි.
චීනය, ඉන්දියාව, ජපානය සහ දකුණු කොරියාව මෙම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන තෙල්වල විශාලතම ගැනුම්කරුවන් වේ.
2022දී හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේ පිටවන බොරතෙල් සහ ස්වාභාවික වායු ද්‍රවවලින් 82%ක් පමණ ආසියානු රටවලට යවා ඇති බව පාරිසරික බලපෑම් තක්සේරුව ඇස්තමේන්තු කරයි.
2025 අප්‍රේල් 16 වන දින, ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට දින තුනකට පෙර, දකුණු කොරියානු ජනාධිපති යූන් සුක්-යොල් උපුටා දක්වමින් ඉරාන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය, දකුණු කොරියාවේ තෙල්වලින් 60%ක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා පැමිණෙන බව පැවසීය.
පාරිසරික බලපෑම් තක්සේරුව (EIA) පවසන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය දිනකට තෙල් බැරල් 700,000ක් පමණ හෝමූස් සමුද්‍ර සන්ධියෙන් ලබා ගන්නා බවයි. එය එහි තෙල් ආනයනයෙන් 11%ක් සහ එය ඔවුන් භාවිත කරන ඉන්ධනවලින් 3%ක් පමණ වේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කරන යුරෝපයේ සාමූහික තෙල් කොටස දිනකට බැරල් මිලියනයකට වඩා අඩු බව පෙනෙන්නට තිබේ.
මේ හේතුවෙන්, මෑත කාලීන යුද්ධ ගැටුමේදී ඊශ්‍රායලයට සහාය දුන් ඇමෙරිකා එක්සත් ජනපදය හෝ යුරෝපීය රටවලට වඩා අරාබි සහ ආසියානු රටවල් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් වඩාත් පීඩාවට පත් වනු ඇත.
ආසියානු රටවල් ගණනාවක් ඉරානය සමග යහපත් සහ සමීප සබඳතා පවත්වාගෙන යයි.
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අවහිරයක් ඇතිවුහොත් පවතින විකල්ප මාර්ග මොනවා ද?
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ අඛණ්ඩ අවදානම ගල්ෆ් තෙල් අපනයනය කරන රටවල් තම තෙල් නැව්ගත කිරීම සඳහා වෙනත් මාර්ග නිර්මාණය කිරීමට හේතු වී තිබේ.
පාරිසරික බලපෑම් තක්සේරුකරණ වාර්තාවකට අනුව, සෞදි අරාබිය දිනකට බොරතෙල් බැරල් මිලියන 5ක් දක්වා ප්‍රවාහනය කළ හැකි කිලෝමීටර් 1,200ක් දිග මාර්ගයක් වන නැගෙනහිර-බටහිර නල මාර්ගය සක්‍රීය කර ඇත.
2019දී සෞදි අරාබිය බොරතෙල් රැගෙන යාම සඳහා ස්වාභාවික වායු නල මාර්ගයක් තාවකාලිකව නැවත සකස් කළේය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය අභ්‍යන්තර තෙල් බිම්වල සිට ඕමාන් බොක්කෙහි ෆුජයිරා වරාය දක්වා නල මාර්ගයක් ඉදි කර ඇත. එමගින් දිනකට තෙල් බැරල් මිලියන 1.5ක් රැගෙන යා හැකිය.
2021 ජූලි මාසයේදී ඉරානය ඕමාන් බොක්ක වෙත තෙල් ගෙන යාම සඳහා ගෝරේ-ජැක්ස්ක් නල මාර්ගය විවෘත කළේ ය. එයට දිනකට බැරල් 350,000ක් පමණ රැගෙන යා හැකි නමුත් වාර්තා පවසන්නේ ඉරානය තවමත් එය සම්පූර්ණයෙන් ම භාවිත නොකරන බවයි.
පාරිසරික බලපෑම් තක්සේරුව ඇස්තමේන්තු කර ඇත්තේ මෙම විකල්ප මාර්ග හරහා දිනකට තෙල් බැරල් මිලියන 3.5ක් පමණ හැසිරවිය හැකි බවයි. එය දැනට සමුද්‍ර සන්ධිය හරහා නැව්ගත කරන බොරතෙල්වලින් 15%ක් පමණ වේ.
ප්‍රධාන පුවත
විශේෂාංග
ජනප්‍රිය ලිපි
මෙහි අන්තර්ගතය නැත