කොවිඩ් එන්නත: ලොව පුරා ප්‍රගතිය කෙතරම් වේගවත් ද?
මේ වන විට, කොරෝනාවෛරසයට එරෙහි එන්නත් මාත්‍රා බිලියන හතකට වැඩි සංඛ්‍යාවක් ලොව පුරා රටවල් 197ක දී ලබා දී තිබේ.
කෙසේ නමුත්, ලොව විවිධ තැන්වල එන්නත්කරණ ප්රගතියේ විශාල වෙනස්කම් දක්නට හැකි ය.
සිය ජනගහණයෙන් විශාල කොටසක් සඳහා මාත්‍රා මිළට ගෙන එන්නත්කරණය සිදු කිරීමට ඇතැම් රටවල් සමත්ව ඇති නමුත්, තවත් සමහර රටවල් සිටින්නේ තරමක් පසුපසිනි.
Global vaccine rollout
Percent of people fully vaccinated
| World |
61
|
12,120,524,547 |
| China |
87
|
3,403,643,000 |
| India |
66
|
1,978,918,170 |
| US |
67
|
596,233,489 |
| Brazil |
79
|
456,903,089 |
| Indonesia |
61
|
417,522,347 |
| Japan |
81
|
285,756,540 |
| Bangladesh |
72
|
278,785,812 |
| Pakistan |
57
|
273,365,003 |
| Vietnam |
83
|
233,534,502 |
| Mexico |
61
|
209,179,257 |
| Germany |
76
|
182,926,984 |
| Russia |
51
|
168,992,435 |
| Philippines |
64
|
153,852,751 |
| Iran |
68
|
149,957,751 |
| UK |
73
|
149,397,250 |
| Turkey |
62
|
147,839,557 |
| France |
78
|
146,197,822 |
| Thailand |
76
|
139,099,244 |
| Italy |
79
|
138,319,018 |
| South Korea |
87
|
126,015,059 |
| Argentina |
82
|
106,075,760 |
| Spain |
87
|
95,153,556 |
| Egypt |
36
|
91,447,330 |
| Canada |
83
|
86,256,122 |
| Colombia |
71
|
85,767,160 |
| Peru |
83
|
77,892,776 |
| Malaysia |
83
|
71,272,417 |
| Saudi Arabia |
71
|
66,700,629 |
| Myanmar |
49
|
62,259,560 |
| Chile |
92
|
59,605,701 |
| Taiwan |
82
|
58,215,158 |
| Australia |
84
|
57,927,802 |
| Uzbekistan |
46
|
55,782,994 |
| Morocco |
63
|
54,846,507 |
| Poland |
60
|
54,605,119 |
| Nigeria |
10
|
50,619,238 |
| Ethiopia |
32
|
49,687,694 |
| Nepal |
69
|
46,888,075 |
| Cambodia |
85
|
40,956,960 |
| Sri Lanka |
68
|
39,586,599 |
| Cuba |
88
|
38,725,766 |
| Venezuela |
50
|
37,860,994 |
| South Africa |
32
|
36,861,626 |
| Ecuador |
78
|
35,827,364 |
| Netherlands |
70
|
33,326,378 |
| Ukraine |
35
|
31,668,577 |
| Mozambique |
44
|
31,616,078 |
| Belgium |
79
|
25,672,563 |
| United Arab Emirates |
98
|
24,922,054 |
| Portugal |
87
|
24,616,852 |
| Rwanda |
65
|
22,715,578 |
| Sweden |
75
|
22,674,504 |
| Uganda |
24
|
21,756,456 |
| Greece |
74
|
21,111,318 |
| Kazakhstan |
49
|
20,918,681 |
| Angola |
21
|
20,397,115 |
| Ghana |
23
|
18,643,437 |
| Iraq |
18
|
18,636,865 |
| Kenya |
17
|
18,535,975 |
| Austria |
73
|
18,418,001 |
| Israel |
66
|
18,190,799 |
| Guatemala |
35
|
17,957,760 |
| Hong Kong |
86
|
17,731,631 |
| Czech Republic |
64
|
17,676,269 |
| Romania |
42
|
16,827,486 |
| Hungary |
64
|
16,530,488 |
| Dominican Republic |
55
|
15,784,815 |
| Switzerland |
69
|
15,759,752 |
| Algeria |
15
|
15,205,854 |
| Honduras |
53
|
14,444,316 |
| Singapore |
92
|
14,225,122 |
| Bolivia |
51
|
13,892,966 |
| Tajikistan |
52
|
13,782,905 |
| Azerbaijan |
47
|
13,772,531 |
| Denmark |
82
|
13,227,724 |
| Belarus |
67
|
13,206,203 |
| Tunisia |
53
|
13,192,714 |
| Ivory Coast |
20
|
12,753,769 |
| Finland |
78
|
12,168,388 |
| Zimbabwe |
31
|
12,006,503 |
| Nicaragua |
82
|
11,441,278 |
| Norway |
74
|
11,413,904 |
| New Zealand |
80
|
11,165,408 |
| Costa Rica |
81
|
11,017,624 |
| Ireland |
81
|
10,984,032 |
| El Salvador |
66
|
10,958,940 |
| Laos |
69
|
10,894,482 |
| Jordan |
44
|
10,007,983 |
| Paraguay |
48
|
8,952,310 |
| Tanzania |
7
|
8,837,371 |
| Uruguay |
83
|
8,682,129 |
| Serbia |
48
|
8,534,688 |
| Panama |
71
|
8,366,229 |
| Sudan |
10
|
8,179,010 |
| Kuwait |
77
|
8,120,613 |
| Zambia |
24
|
7,199,179 |
| Turkmenistan |
48
|
7,140,000 |
| Slovakia |
51
|
7,076,057 |
| Oman |
58
|
7,068,002 |
| Qatar |
90
|
6,981,756 |
| Afghanistan |
13
|
6,445,359 |
| Guinea |
20
|
6,329,141 |
| Lebanon |
35
|
5,673,326 |
| Mongolia |
65
|
5,492,919 |
| Croatia |
55
|
5,258,768 |
| Lithuania |
70
|
4,489,177 |
| Bulgaria |
30
|
4,413,874 |
| Syria |
10
|
4,232,490 |
| Palestinian Territories |
34
|
3,734,270 |
| Benin |
22
|
3,681,560 |
| Libya |
17
|
3,579,762 |
| Niger |
10
|
3,530,154 |
| DR Congo |
2
|
3,514,480 |
| Sierra Leone |
23
|
3,493,386 |
| Bahrain |
70
|
3,455,214 |
| Togo |
18
|
3,290,821 |
| Kyrgyzstan |
20
|
3,154,348 |
| Somalia |
10
|
3,143,630 |
| Slovenia |
59
|
2,996,484 |
| Burkina Faso |
7
|
2,947,625 |
| Albania |
43
|
2,906,126 |
| Georgia |
32
|
2,902,085 |
| Latvia |
70
|
2,893,861 |
| Mauritania |
28
|
2,872,677 |
| Botswana |
63
|
2,730,607 |
| Liberia |
41
|
2,716,330 |
| Mauritius |
74
|
2,559,789 |
| Senegal |
6
|
2,523,856 |
| Mali |
6
|
2,406,986 |
| Madagascar |
4
|
2,369,775 |
| Chad |
12
|
2,356,138 |
| Malawi |
8
|
2,166,402 |
| Moldova |
26
|
2,165,600 |
| Armenia |
33
|
2,150,112 |
| Estonia |
64
|
1,993,944 |
| Bosnia and Herzegovina |
26
|
1,924,950 |
| Bhutan |
86
|
1,910,077 |
| North Macedonia |
40
|
1,850,145 |
| Cameroon |
4
|
1,838,907 |
| Kosovo |
46
|
1,830,809 |
| Cyprus |
72
|
1,788,761 |
| Timor-Leste |
52
|
1,638,158 |
| Fiji |
70
|
1,609,748 |
| Trinidad and Tobago |
51
|
1,574,574 |
| Jamaica |
24
|
1,459,394 |
| Macau |
89
|
1,441,062 |
| Malta |
91
|
1,317,628 |
| Luxembourg |
73
|
1,304,777 |
| South Sudan |
10
|
1,226,772 |
| Central African Republic |
22
|
1,217,399 |
| Brunei |
97
|
1,173,118 |
| Guyana |
58
|
1,011,150 |
| Maldives |
71
|
945,036 |
| Lesotho |
34
|
933,825 |
| Yemen |
1
|
864,544 |
| Congo |
12
|
831,318 |
| Namibia |
16
|
825,518 |
| Gambia |
14
|
812,811 |
| Iceland |
79
|
805,469 |
| Cape Verde |
55
|
773,810 |
| Montenegro |
45
|
675,285 |
| Comoros |
34
|
642,320 |
| Papua New Guinea |
3
|
615,156 |
| Guinea-Bissau |
17
|
572,954 |
| Gabon |
11
|
567,575 |
| Eswatini |
29
|
535,393 |
| Suriname |
40
|
505,699 |
| Samoa |
99
|
494,684 |
| Belize |
53
|
489,508 |
| Equatorial Guinea |
14
|
484,554 |
| Solomon Islands |
25
|
463,637 |
| Haiti |
1
|
342,724 |
| Bahamas |
40
|
340,866 |
| Barbados |
53
|
316,212 |
| Vanuatu |
40
|
309,433 |
| Tonga |
91
|
242,634 |
| Jersey |
80
|
236,026 |
| Djibouti |
16
|
222,387 |
| Seychelles |
82
|
221,597 |
| Sao Tome and Principe |
44
|
218,850 |
| Isle of Man |
79
|
189,994 |
| Guernsey |
81
|
157,161 |
| Andorra |
69
|
153,383 |
| Kiribati |
50
|
147,497 |
| Cayman Islands |
90
|
145,906 |
| Bermuda |
77
|
131,612 |
| Antigua and Barbuda |
63
|
126,122 |
| Saint Lucia |
29
|
121,513 |
| Gibraltar |
123
|
119,855 |
| Faroe Islands |
83
|
103,894 |
| Grenada |
34
|
89,147 |
| Greenland |
68
|
79,745 |
| St Vincent and the Grenadines |
28
|
71,501 |
| Liechtenstein |
69
|
70,780 |
| Turks and Caicos Islands |
76
|
69,803 |
| San Marino |
69
|
69,338 |
| Dominica |
42
|
66,992 |
| Monaco |
65
|
65,140 |
| Saint Kitts and Nevis |
49
|
60,467 |
| British Virgin Islands |
59
|
41,198 |
| Cook Islands |
84
|
39,780 |
| Anguilla |
67
|
23,926 |
| Nauru |
79
|
22,976 |
| Burundi |
0.12
|
17,139 |
| Tuvalu |
52
|
12,528 |
| Saint Helena |
58
|
7,892 |
| Montserrat |
38
|
4,422 |
| Falkland Islands |
50
|
4,407 |
| Niue |
88
|
4,161 |
| Tokelau |
71
|
1,936 |
| Pitcairn |
100
|
94 |
| British Indian Ocean Territory |
0
|
0 |
| Eritrea |
0
|
0 |
| North Korea |
0
|
0 |
| South Georgia and the South Sandwich Islands |
0
|
0 |
| Vatican |
0
|
0 |
Please upgrade your browser to see the full interactive
This information is regularly updated but may not reflect the latest totals or vaccines administered for each location. Total doses may include booster doses in addition to those required for full vaccination. The definition of full vaccination varies by location and vaccine type and is subject to change over time. Full vaccination can refer to a person receiving all required doses of a specific vaccine or sometimes recovery from infection plus one dose of a vaccine. Definitions have not yet been updated to account for booster campaigns to control the spread of new variants. Some locations may reach vaccination rates over 100%, such as Gibraltar, due to population estimates that are lower than the number of people who have now been vaccinated in that place.
Source: Our World in Data
Last updated: 5 July 2022, 13:28 BST

එන්නත් ලැබෙන්නේ කාට ද?
ලොව පුරා සෑම වැඩිහිටියෙකුටම පාහේ එන්නත් මාත්‍රා ලබාදීමට අදහස් කරන, ලෝක ඉතිහාසයේ විශාලතම එන්නත්කරණ වැඩසටහන මෙය යි.
සමස්තයක් වශයෙන් ගත්කල චීනය සහ ඉන්දියාව ඉහළම එන්නත් මාත්‍රා ප්‍රමාණයක් (පිළිවෙලින් බිලියන 2.4ක් සහ 1.1ක්) ලබාදී ඇත. එන්නත් මාත්‍රා මිලියන 440ක් ලබා දී ඇති එක්සත් ජනපදය තෙවන ස්ථානයේ පසුවෙයි.
යුරෝපයේ සහ ඇමරිකාවේ රටවල එන්නත්කරණ ව්‍යාපාර හොඳ ප්‍රගතියක් ලබමින් තිබුණ ද, අප්‍රිකාවේ බොහෝ රටවල් එන්නත් සපයාගැනීමේ ගැටලුවට මුහුණ පා සිටියි.
Global vaccine rollout
Source: Our World in Data

මෙවසරේ සැප්තැම්බර් මස අවසන් වන විට ලොව සියලු රටවල ජනගහණයෙන් 10%ක් කොවිඩ්-19ට එරෙහිව සම්පූර්ණයෙන්ම එන්නත්කර තිබිය යුතුබවට ඉලක්කයක් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පිහිටුවා තිබුණි. එනමුත්, රටවල් 50කට අධික සංඛ්‍යාවක් ඉලක්කගත ආරක්ෂාව ලබාගැනීමට අපොහොසත්ව සිටියි.
මේ වසර අවසාන වන විට රටක ජනගහණයෙන් 40%ක් ද, 2022 වර්ෂයේ මැදභාගය වන විට ජනගහණයෙන් 70%ක් ද සම්පූර්ණයෙන්ම එන්නත්කර තිබිය යුතු ය යන නව ඉලක්කය ළඟාකර ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විට උත්සාහ දරයි.
බොහෝ දුප්පත් රටවල් එන්නත් ලබාගැනීම සඳහා සිය විශ්වාසය තබා ඇත්තේ කොවැක්ස් වැඩසටහන කෙරෙහි ය. ලෝක සෞඛ්‍ය සංවිධානය ද, වසංගතය සඳහා සූදානම් වීමේ නවෝත්පාදන පිළිබඳ සන්ධානය ද (CEPI) සමග Gavi, the Vaccine Alliance නම් සංවිධානය ඇරඹූ කොවැක්ස් වැඩසටහන, ලොව සෑම පුද්ගලයෙකුටම කොවිඩ් එන්නතකට ප්‍රවේශය ඇතිබව සහතික කිරීමට උත්සාහ දරයි.
මේ වසරේ අවසානය වන විට ලොව පුරා එන්නත් මාත්‍රා බිලියන දෙකක් පමණ බෙදා හැරීමට කොවැක්ස් වැඩසටහන මඟින් සැලසුම්කර තිබුණ ද, මේ වන විට සිය සැපයුම් පුරෝකථනය 25%කින් පමණ (මාත්‍රා බිලියන 1.4ක් දක්වා) පහත හෙළා ඇත. ගෝලීය අපනයන තහනම, නිෂ්පාදනයේ දී මුහුණපානා අභියෝග, සහ අනුමත කිරීමේ හා නියාමන ක්‍රියාවලීන්ගේ මන්දගාමීත්වයේ ප්‍රතිඵලයක් ලෙස මෙසේ සිදුවී තිබේ.
දැනට මෙම වැඩසටහන මඟින් ලොව පුරා බෙදා දී ඇති මාත්‍රා සංඛ්‍යාව මිලියන 435කට අධික ය.
G7 රටවල නායකයින් ද සෘජුව හෝ කොවැක්ස් වැඩසටහන හරහා දුප්පත් රටවලට එන්නත් මාත්‍රා බිලියනයක් සැපයීමට ප්‍රතිඥා දී ඇත.
වැඩියෙන්ම භාවිතා වන එන්නත් මොනවා ද?
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත වූ පළමු එන්නත වූයේ ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත යි. පසුව තවත් කීපයකට අනුමැතිය හිමිවිය.
වර්තමානය වන විට ලොව පුරා බහුලවම භාවිතා වන එන්නත බවට ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා පත්ව තිබේ.
අධිශීත තත්ත්වයන් යටතේ (-70C) ගබඩා කළ යුතු ෆයිසර් එන්නත මෙන් නොව, ඇස්ට්‍රාසෙනෙකා එන්නත සාමාන්‍ය ශීතකරණයක වුවත් ගබඩා කළ හැකි හෙයින් එය ප්‍රවාහනය සහ බෙදාහැරීම වඩාත් පහසු ය.

අප්‍රිකානු සංගමය ජැන්සන් (ජොන්සන් ඇන් ජොන්සන්) විසින් නිපදවුණු එන්නතේ මාත්‍රා මිලියන 400ක් බෙදාහැරීම ආරම්භකර තිබේ. ෆයිසර් සහ ඇස්ට්‍රාසෙනෙකා එන්නත්වලින් මාත්‍රා දෙකක් ලබාදිය යුතු වුව ද, ජැන්සන් එන්නතෙන් ලබාදිය යුත්තේ තනි මාත්‍රාවකි.
බොහෝ රජයයන් එන්නත් ලබාදීම ආරම්භ කළේ වයස අවු. 60ට වැඩි පුද්ගලයින්, සෞඛ්‍ය සේවකයින්, සහ සායනික වශයෙන් වැඩි අවදානම් කාණ්ඩයේ පුද්ගලයන්ගෙනි. ප්‍රමුඛතා කණ්ඩායම් එන්නත්කරණයෙන් පසු තරුණ වයස්වල පසුවන්නන්ට බහුලවම එන්නත් ලබාදෙනු ලැබීය. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, යුරෝපය, සහ තවත් රටවල, වයස අවු. 12 - 15 අතර දරුවන්ට ලබාදීම සඳහා ෆයිසර් එන්නත අනුමත වී ඇත. චීනයේ සහ කොලොම්බියාවේ වයස අවු. තුනක් පමණම ළාබාල දරුවන්ට ද සිනොවැක් එන්නත ලබාදෙනු ලැබේ.
ඊශ්‍රායලය සහ එක්සත් රාජධානිය වැනි රටවල, එන්නත් මඟින් රෝහල්ගතවීම් සහ මරණ සංඛ්‍යාව අඩු කරනබවට විශ්වාසනීය ලකුණු දැනටමත් දක්නට හැකි ය.
මේ වන විට, ගෝලීය වශයෙන් එන්නත් 100කටත් වඩා ඒවායේ කාර්යක්ෂමතාව සහ ආරක්ෂිතබව පරීක්ෂා කෙරෙන අත්හදාබැලීම්වලට ලක්වෙමින් පවතියි.



























