ෆිලිප් කුමරු: කුමර දිවිය ගැන කියැවෙන ඡායාරූප පෙළක්

ඡායාරූප ශීර්ෂ වැකිය, ෆිලිප් කුමරු 1921ජූනි මස 10 දින ග්‍රීසියට අයත් කොර්ෆු (Corfu) දිවයිනේ දී උපත ලද්දේය. ඔහුගේ පවුල් ගසට (family tree) ඩෙන්මාර්ක් -ජර්මන්-රුසියානු සහ බ්‍රිතාන්‍ය රාජකීය පවුල්වල සාමාජිකයෝ ඇතුළත් වෙති.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ෆිලිප් කුමරු ග්‍රීසියේ ඇන්ඩෘ කුමරුන්ගේ සහ බැටන්බර්ග් හි ඇලිස් කුමරියගේ එකම පුතණුවන් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ග්‍රීසියෙන් ප්‍රංශයට සංක්‍රමණය වූ ෆිලිප් කුමරු ශාන්ත ක්ලෝඩ් හි මැක්ජනට් (MacJannet) ඇමෙරිකානු පාසලේ සිය පන්ති සගයන් සමග.(වමේ සිට දෙවැන්නා) වයස අවුරුදු හතේදී කුමරා එංගලන්තයේ ජීවත්වූ සිය මවුන්බැට්න් ඥාතීන්ට එකතුවිය. එම අවධියේ ඔහු 'සරේ' ප්‍රදේශයේ පිහිටි මූලික පාසලක අධ්‍යාපන ලැබීය.

ඡායාරූප මූලාශ්‍රය, PA Media

ඡායාරූප ශීර්ෂ වැකිය, අනතුරුව ඔහු අධ්‍යාපන පුරෝගාමියකු වූ කර්ට් හහ්න් (Kurt Hahn) විසින් උතුරු ස්කොට්ලන්තයේ ආරම්භකරන ලද 'Gordonstoun' නේවාසික පාසලට ඇතුළත් කරනු ලැබුණි. එම පාසලේදී ෆිලිප් කුමරු ක්‍රීඩා අංශයේ දස්කම් පෑවේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙය එලිසබත් කුමරිය (වමේ සිට තුන්වෙනි ස්ථානයේ) සහ එවක නාවික හමුදාවේ කැඩෙට් නිලධාරියකුව සිටි පිලිප් කුමරු ( දකුණු පස ඈත සුදුපැහැති කැප් තොප්පියක් පැළඳ) එකට පෙනීසිටින පළමු ඡායාරූපය ලෙස සැලකෙයි. ඩාර්ට්මර්ත් නාවික හමුදා පාසලේ සිදුකරන ලද රාජකීය සංචාරයේ දී ම 1939 ජූලි 23 දින මෙම ඡායාරූපය ගන්නා ලදැයි සැලකෙයි.

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, දෙවැනි ලෝක මහා සංග්‍රාමය අවධියේ ෆිලිප් කුමරු 'HMS Valiant' ප්‍රහාරක නෞකාවේ ක්‍රියාන්විතයේ නිරත විය.

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, ෆිලිප් කුමරා එලිසබත් කුමරිය සමඟ විවාහ ගිවිසගනු ලැබීම 1947 දී නිලවශයෙන් නිවේදනය කරනු ලැබුණි

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, 1947 නොවැම්බර් 20 දින ඔවුහු විවාහ වූහ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ෆිලිප් කුමරු සහ එලිසබත් කුමරිය කෙන්යාවේ තුරු හිසක සැදි හෝටලයක ගතකළ අවස්ථාවක්. ඔවුන් දෙදෙනාට කුමරියගේ පියරජු අභාවප්‍රාත්තවීම දැනුම්දෙන ලද්දේ එහි සිටින අතරය. එම ශෝකජනක පුවත ලැබීමට දින කීපයකට පෙර ගන්නා ලද පින්තූරයකි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එඩින්බරා ආදිපාදවරයා 1951 දී තුර්කියේ මාර්මරිස් වෙරළ තීරයේදී. HMS Magpie නෞකාවේ අණදෙන නිලධාරියා ලෙස සිය අවසන් රාජකාරිය කළ සමයේ ගන්නා ලද ඡායාරූපයකි.

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, ෆිලිප් කුමරු පෝලෝ ක්‍රීඩාවේ නිරතවෙමින්. ඔහු බ්‍රිතාන්‍යයේ මුල්පෙළේ පෝලෝ ක්‍රීඩකයකු විය

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, ෆිලිප් කුමරු ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ද උනන්දුවිය. කුමරා එංගලන්ත කණ්ඩායමේ හිටපු පළමු පෙළේ ක්‍රීඩකයන් සමඟ ක්‍රීඩාවේ නිරත වූ අවස්ථාවක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ෆිලිප් කුමරු 1961වසරේ දී සිය බිරිඳ වූ එලිසබත් රැජිනගේ දින හයක ඉන්දීය සංචාරයට එකතු විය
ඡායාරූප ශීර්ෂ වැකිය, ආදිපාදවරයා 1961 වසරේ එලිසබත් රැජින සහ ඔවුන්ගේ දරුවන් හතරදෙනා සමඟ. වමේ සිට එඩ්වර්ඩ්, ඇන්ඩෲ, චාර්ල්ස් කුමාරවරුන් සහ ඈන් කුමරිය

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, රාජකීය යුවළ ඔවුන්ගේ විවාහයේ රිදී ජුබිලිය සැමරීමට ස්කොට්ලන්තයේ 'බැල්මෝරල්' මාළිගයේ සිටියදී ගොවිපොළක සංචාරය කළ අවස්ථාවක්

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, සිය විවාහයේ රිදී ජුබිලිය සමරන අතරවාරයේ රාජකීය යුවළ 1977 දී නවසීලන්තයේ සංචාරයක නිරතවූහ. ඔවුන් දෙදෙනා නවසීලන්තයේ මඕරි කිවි (Maori) ඇඳුමින් සැරසී නවසීලන්තයේ උතුරු දිවයිනේ 'ගිස්බර්න්' රග්බි ක්‍රීඩාංගනයේ උත්සවයකට සහභාගී වෙමින්

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, රැජින සහ වල්ලභ කුමරු 1977 වසර අවසාන භාගයේ 'බාර්බේඩොස්' දූපත අසල රාජකීය බ්‍රිටනියා' යාත්‍රාවේ සිටියදී අසලින් පියාසර කරන කොන්කෝර්ඩ් යානයකට අත වනන ආකාරය

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, 1977 අගෝස්තු මාසයේ රැජිනගේ ඥාති සහෝදරයකු වූ මවුන්බැට්න් සාමිවරයා අයි.ආර්.ඒ. බෝම්බ ප්‍රහාරයකින් අයර්ලන්තයේ ඔහුට අයත් බෝට්ටුවේ සිටියදී මරාදමනු ලැබුණි. එම මරණය සිදුවෙන අවස්ථාවේ ප්‍රංශයේ නොර්මැන්ඩි පළාතේ අස්රිය ධාවන ක්‍රීඩා තරඟාවලියකට සහභාගීවෙමින් සිටි ෆිලිප් කුමරු ආපසු එංගලන්තයට ළඟාවිය.

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, සොබාදහම සහ පරිසර සංරක්ෂණය ෆිලිප් කුමරාගේ මුළුමහත් ජීවිතකාලය පුරාම කැපවූ අංගයකි. ආදිපාදවරයා ලෝක වන සත්ත්ව සංරක්ෂණ පදනමේ ජාත්‍යන්තර සභාපතිවරයා ලෙස තෝරාගෙන තිබුණි.

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, ආදිපාදවරයා 1985 වසරේ සිය පවුලේ සාමාජිකයන් පිරිවරාගෙන සිටි අවස්ථාවක්. කුඩා විලියම් සහ හැරී කුමරුන් දෙදෙනාත් මෙහි වෙති. ඔවුන් මෙලෙස රැස්ව සිටියේ බකිංහැම් මාළිගයට ඉහළින් පියාසර කරන වර්ණවත් ධූමවලාවන් සහිත ගුවන් සංදර්ශනයක් නැරඹීමටය.

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, 1996 වසරේ දකුණු අප්‍රිකානු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා ලන්ඩන් නගරයේ සංචාරය කළේය. හමුදා ගෞරව පෙළපාලියක් අධීක්ෂණය සඳහා ෆිලිප් කුමරු දකුණු අප්‍රිකානු නායකයා සමඟ ගමන්ගත් ආකාරය

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, 2002 වසරේ දී රැජින රාජ්‍යත්වයට පත්වීමේ රජත ජයන්තිය සමරනු ලැබුණි. ෆිලිප් කුමරු වසර හැටකට අධික කාලයක් රැජින රාජ්‍යත්වය දැරීමේ දී ඇය අසලින්ම සිටි සහයෝගාත්මක සගයා විය.

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, 2010 වසරේ එඩින්බරා ආදිපාද රන් සම්මාන පිරිනැමීමට එක්වූ ආදිපාදවරයා පිරිසක් සමඟ සුහද විනෝදජනක කතාබහක නිරතවෙමින්

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, ෆිලිප් කුමරු සිය දිවියේ අවසන් අදියර තෙක්ම ක්‍රීඩාවන්හි නිරතවෙමින් සිටියේය. 2005 වසරේ අස්රිය පැදවීමේ නිරත අවස්ථාවක්

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ෆිලිප් කුමරාගේ මුනුපුරු විලියම් කුමරාගේ විවාමඟුල වෙනුවෙන් 2011 වසරේ දහස් සංඛ්‍යාත ජනකායක් බකිංහැම් මාළිගය ඉදිරිපිට රැස්ව සිටියහ.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, 2012 ජූනි 03 දින රැජින සහ ෆිලිප් ආදිපාදවරයා තවත් දහසක් යාත්‍රා පිරිවරා ගනිමින් තේම්ස් ගංගාව ඔස්සේ විනාඩි අසූවක නෞකා චාරිකාවක නිරතවිය. ගමනේ දුර ප්‍රමාණය සැතපුම් හතකි. එම චාරිකාව රැජින රාජ්‍යත්වයට පත්වීමේ දියමන්ති ජුබිලිය නිමිත්තෙනි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2012 ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා සැණකෙළිය අවස්ථාවේ ෆිලිප් කුමරු සිය දියණිය ඈන් කුමරිය සමඟ.

ඡායාරූප මූලාශ්‍රය, PA Media

ඡායාරූප ශීර්ෂ වැකිය, රැජිනට ඔටුනු පැළඳීමේ හැටවෙනි සංවත්සරය නිමිත්තෙන් 2013 වසරේ 'වෙස්ට්මිනිස්ටර් ඇබී' දේවස්ථානයේ පැවති ආගමික මෙහෙයකට සහභාගීවෙමින්

ඡායාරූප මූලාශ්‍රය, PA Media

ඡායාරූප ශීර්ෂ වැකිය, පිලිප් කුමරු සිය බිරිඳ වන එලිසබත් රැජින සමඟ 2017 අප්‍රියෙල් මාසයේ බෙඩ්ෆර්ඩ්ෂයර්' හි සත්ත්ව උයනක සංචාරයක නිරත වූ අවස්ථාවක්. අනූපස් වෙනි විය සම්පූර්ණ කළ ෆිලිප් කුමරු තමා ප්‍රසිද්ධ රාජකාරිවලින් බැහැරවෙන බව රැජිනගේත් සහයෝගය සහිතව නිවේදනය කළේය

ඡායාරූප මූලාශ්‍රය, PA Media

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරකයකු විසින් මැන්චෙස්ටර් ඇරීනා හි සංගීත සන්ධ්‍යාවේ දී මරාදමන ලද ජනතාව වෙනුවෙන් උපහාරය පුදන රැජින අසල ආදිපාදවරයා පෙනීසිටි මොහොත. බකිංහැම් මාලිගයේ උද්‍යාන සාදයකට පෙර මෙලෙස මිනිත්තුවක කාලයක් එම උපහාරය පුදනු ලැබුණි.

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, එඩින්බරා ආදිපාද ෆිලිප් කුමරු බ්‍රිතාන්‍ය ඉතිහාසයේ මෙතෙක් දීර්ඝතම කාලයක් ගතකළ රාජකීය වල්ලභයා බවට පත්විය.

තවත් තොරතුරු;