ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් 2019 නව වසර සැමරූ ආකාරය කැමරා ඇසින්

ලොව පුරා රටවල් අති උත්කර්ෂවත් අයුරින් 2019 නව වසරේ උදාව සැමරූ ආකාරය කැමරා කාචයේ මෙසේ සටහන්ව තිබිණ.

ඉතා අලංකාර ගිනිකෙළි සංදර්ශන සහ අති විශාල ජනකායක් සහභාගි වූ උත්සව සෑම ප්‍රධාන නගරයකම පාහේ දක්නට ලැබිණ.

ඔබ සැමට සාමය, සතුට පිරි සුභ නව වසරක් වේවා!!!

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, 2019 හැඩයේ ඇස් කන්නාඩියක් පැළඳගෙන පිලිපීනයේ කුසොන් නුවර නව අවුරුදු සාදයකට එක් වූ කාන්තාවක්

ඡායාරූප මූලාශ්‍රය, SNS

ඡායාරූප ශීර්ෂ වැකිය, අවුරුදු උදාව සමග නිව්යෝක් නගරයට ඉහළින් කොල පිරවූ විශාල බෝලයක් පුපුරවා හැරිණ

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ලන්ඩන් නගර මධ්‍යයේ තේම්ස් නදිය අසල පිහිටි 'ලන්ඩන් අයි' මිනිත්තු 10ක් පුරා පැවති ගිනිකෙළි සංදර්ශනයෙන් වර්ණවත් වූ ආකාරය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් ආගමික වතාවත් සිදු කරමින් නව වසර ආරම්භ කළහ

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, පැරිස් නගරයේ පැවැත්වුණු නව අවුරුදු සැමරුම් අතර පන්දමක් අත දරාගත් 'කහ කබා' විරෝධතා ව්‍යාපාරයේ සාමාජිකයෙක්

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ජර්මනියේ අගනුවර වන බර්ලින් නව වසර උදාවත් සමග ගිනිකෙළිවලින් මෙසේ වර්ණවත් විය

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, මොස්කව් නුවර අවුරුදු සැමරුම් අතර සිටි යුවළක්

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, නව වසර උදාව වෙනුවෙන් කෙන්යාවේ නයිරෝබි නගරයේ පැවැත්වුණු සාදයක්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, නව වසර වෙනුවෙන් කොණ්ඩා මෝස්තරයක් සකසන ඉන්දියාවේ අහ්මදාබාද් නගරයේ කාන්තාවක්

ඡායාරූප මූලාශ්‍රය, AFP/Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, නව වසර සැමරීමට උතුරු කොරියාවේ ප්යෝන්ග්යැන්ග් නගරයට අති විශාල ජනකායක් පැමිණ සිටියහ

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, දකුණු කොරියාවේ Gangneung වෙරළ තීරයේ පැවැත්වූ ගිනිකෙළි සංදර්ශන

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ගිනිකෙළි සංදර්ශනයකින් ආලෝකමත් වූ ඩුබායිහි පිහිටි ලෝකයේ උසම ගොඩනැගිල්ල, 'බර්ජ් කලීෆා'

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, චීන දින දර්ශනයට අනුව ඌරාගේ වසර සනිටුහන් කරමින් දකුණු කොරියාවේ සෝල් නගරයේ බෞද්ධ පන්සලක පහන් දල්වා තිබූ අයුරු

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, නව වසර උදාවත් සමග තායිවානයේ තායිපේ නගරයේ පිහිටි සුප්‍රසිද්ධ ‘101’ ගොඩනැගිල්ලෙන් විහිදෙන ආලෝකධාරා ඡායාරූපගත කරන පිරිස

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, චීනයේ හොංකොං නගරය නව වසර සැමරූ ආකාරය

ඡායාරූප මූලාශ්‍රය, LINTAO ZHANG/GETTY IMAGES

ඡායාරූප ශීර්ෂ වැකිය, නව වසර වෙනුවෙන් බීජිං නුවර පැවැත්වුණු උත්සවයක්

ඡායාරූප මූලාශ්‍රය, AFP/Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, නව වසර උදාවත් සමග හැඩ වූ සිංගප්පූරුවේ මරීනා බොක්ක

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රියේ සිට මිනිත්තු 12ක් පුරා පැවැත්වුණු සිඩ්නි නුවර ගිනිකෙළි සංදර්ශනය

සියලු ඡායාරූප සඳහා හිමිකම් ඇවරේ.

මේ තොරතුරුද දැනගන්න: