ඉන්දුනීසියාව: භූ කම්පනයෙන් සහ සුනාමියෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 1200 ඉක්මවයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters

පසුගිය සිකුරාදා (සැප්. 28) සිදුවූ භූ කම්පනයෙන් සහ සුනාමි අනතුරින් සිදුවූ මරණ සංඛ්‍යාව 1200 ඉක්මවා ඇති බව ඉන්දුනීසියාවේ ආපදා ප්‍රතිචාර ආයතනය පවසයි.

අඟහරුවාදා (ඔක්. 02) දිනට පෙර මිය ගිය සංඛ්‍යාව ලෙස වාර්තා වූයේ, 844 කි.

ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ පලු ප්‍රදේශය ආසන්නයේ හටගත් මැග්නිටියුඩ් 7.5ක භූමිකම්පාවත් සමග ප්‍රබල සුනාමි තත්ත්වයක් ඇති විය.

මේ වන විට විපතට පත් ජනයා දැඩි ආහාර, ජලය සහ ඉන්ධන හිඟයකින් පසුවෙති.

තවමත් සුන්බුන් අතර සිරවූ පුද්ගලයන් සිටින බව ද විශ්වාස කෙරේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පලු නගරය ආසන්නයේ සිදුවූ බලවත් භූ කම්පනය සහ සුනාමි තත්ත්වය ඇතිවීමෙන් දින පහකට පසු ලැබෙන ඡායාරූප, විනාශයේ සැබෑ තත්ත්වය පෙන්නුම් කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

භූ කම්පනයෙන් විනාඩි 30 ට පමණ පසු සුනාමි රළ පහරින් විනාශ වන විට මෙම වෙරළ තීරය උත්සවයකට සූදානම් වෙමින් පැවතිණි.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, සුනාමි අනතුරකදී නගරය කෙතරම් අනාරක්ෂිතදැයි මෙම චන්ද්‍රිකා ඡායාරූපයෙන් පැහැදිලි වේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බොහෝ සිරුරු සමූහ ලෙස මිහිදන් කෙරිණ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ගුවන්තොටුපොළ විවෘත කළ අතර ආපදාවෙන් දිවි ගලවා ගත් පිරිස් ආරක්‍ෂක ස්ථාන කරා රැගෙන යනු ලැබිණ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සුන්බුන් අතර තවමත් අපේක්‍ෂා සහිතව පිරික්සන ඉන්දුනීසියානුවෝ