ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස සහ කළු ජනවාරිය: "සගයිනි, කළු කළ ජනේරුවේ හදවත දල්වමි !"

කළු ජනවාරිය

ඡායාරූප මූලාශ්‍රය, facebook/Ruwandi Silva

    • Author, සරෝජ් පතිරණ
    • Role, BBC සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 7

තවත් ජනවාරි මාසයක් ගෙවී ගොසිනි.

ජනවාරිය, ගතව ගිය දශක කිහිපය තුළ මාධ්‍ය නිදහස, භාෂණයේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මෙන්ම දූෂණය සහ භීෂණයට එරෙහිව හඬ නැගූ මාධ්‍ය සගයන් ඝාතනයට, පැහැරගැනීමට සහ වධ බන්ධනවලට ලක් වූ මාසයයි.

ජනේරුව, එසේ ඝාතනයට සහ වද බන්ධනවලට ලක් වූ උතුරේත්, දකුණේත් මාධ්‍ය සගයන් වෙනුවෙන් යුක්තිය උදෙසා "කළු ජනවාරිය" සැමරෙන මාසයයි.

ජනේරුවේ අවසාන සිකුරාදා, 29 වෙනිදා, ලොව පුරා සිටින මාධ්‍ය ක්‍රියාධරයන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංකේතාත්මක සැමරුමක් ද සංවිධානය කොට තිබිණ.

පහත දැක්වෙන්නේ ඒ සැමරුම වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සීතා රංජනී ෆේස්බුක් ජාලයේ සටහන් කළ කවි පෙළකි.

"ඔවුන් ඝාතනය කළ,

ඔවුන් අතුරුදහන් කළ,

ඔවුන්ගේ අත් පා කඩා දැමූ,

ඔවුන්ට හානි කළ,

සියල්ල යහතින්ය.

අපරාධකරුවෝ නිදැල්ලේය!

අපි,

වසර ගණනාවක් පුරා

යුක්තියම ඉල්ලමු...

යුක්තිය උදෙසා සඵථ කළ ආණ්ඩුත්

ආවා ගියා

යුක්තිය ගැන කතා නැති ආණ්ඩුත්

ගියා ආවා...

පරපුරෙන් පරපුරට සිදුවේවි අපට

මේ හඩ අවදියෙන්ම තබා ගැනුමට

අයුක්තියේ මුනිවත බිඳ දමන්නටනම්!"

මාධ්‍යවේදිනී සීතා රංජනී

ඡායාරූප මූලාශ්‍රය, facebook/ Seetha Ranjani

"අහිමි වුවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා දල්වමි පහනක්....," යනුවෙන් මාධ්‍යවේදිනී රුවන්දි සිල්වා එහි සටහනක් තබා තිබුණාය.

මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා ගේ සටහනේ දැක්වුණේ, "මම බෞද්ධයෙක්. මේ ආලෝකවත් කළ පහන මගේ නිවසේ වෙනදා දැල්වෙන්නෙ තථාගතයන් වහන්සේ උදෙසා. අද මම ඒ පහන දලවන්නේ මරා දැමූ, අතුරුදන් කළ හෝ වධ හිංසාවට භාජනය කළ මගේ මාධ්‍යවේදී සහෝදරයන් සිහිපත් කරලා," යනුවෙනි.

"සගයිනි,

කළු කළ ජනේරුවේ

හදවත දල්වමි!"

යන්න, මාධ්‍යවේදිනී ශිවන්ති ප්‍රනාන්දු එහි තැබූ කවි සටහනයි.

Sandya Eknelygoda (3R), wife of a victim of enforced disappearance journalist Prageeth Ekneligoda is seen among a crowd of demonstrators, holding a candlelight vigil. The 'January Is Still Black' vigil in remembrance of the slain and disappeared journalists. The demonstrators gathered in Colombo to show solidarity in protecting media professionals in the country in Colombo, Sri Lanka on January 28, 2020. (Photo by Akila Jayawardana/NurPhoto via Getty Images)

ඡායාරූප මූලාශ්‍රය, facebook

මේ අතර "සත්‍යය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින, විශ්වීය මිනිස් නිදහස උදෙසා මරණය වැළඳගත් මාධ්‍යවේදී සගයන්" සිහිපත් කිරීම පිණිස සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සංවිධානය කර තිබුණ සහෘද හමුවක් අමතා අදහස් දැක්වූ සන්ධ්‍යා එක්නැලිගොඩ, සිය සැමියා ඇතුළු ගවේෂණාත්මක මාධ්‍යකරණයේ නිරත වූ මාධ්‍යවේදීන්ගේ ජීවිත බිලිගත් "කළු වෙච්ච ජනවාරිය සුදු කිරීමට" ශ්‍රී ලංකාව වරක් සමත් වූ නමුත් වර්තමානයේ යළිත් වරක් ජනවාරිය කළු වී තිබෙන බව කියා සිටියාය.

ඇයගේ සැමියා, ප්‍රගීත්, 2010 ජනවාරි 24 වෙනි දින සිට අතුරුදහන්ව සිටියි.

"ඒ කළු ජනවාරිය සුදු කරන්න අපිට අවස්ථාවක් ලැබුණා. 2015 මේ රටේ හිටපු ඒකාධිපතියන් පන්නා දැම්මෙත් ජනවාරි මාසේ. ඒත් අපිට තවමත් කියන්න සිද්ධවෙලා තියෙනව ජනවාරිය කළුයි කියල," යනුවෙන් ද ජගත් සම්මානයෙන් පිදුම් ලැබූ මානව හිමිකම් ක්‍රියාකාරිනිය සඳහන් කළාය.

"ඒ මගේ ප්‍රාණයත්, අනෙකාගේ ප්‍රාණයත් එක සමානයි කියලා නොහිතන නායකයින් සිටිය නිසා මේ රටේ. මේ රටේ අපරාධ නිසා වින්දිතභාවයට පත්වෙච්ච මිනිස්සුන්ට යුක්තිය ඉෂ්ඨ කිරීම අපේ වගකීම කියල නොහිතන පාලකයින් නිසා," ඇය කියා සිටියාය.

"බොහෝ නින්දා, අපහාස විඳිමින්" සහ "තාඩන, පීඩනවලට ලක්වෙමින්" වසර 11 ක් මුළුල්ලේ තමන් සිය සැමියා වෙනුවෙන් යුක්තිය පතා ඇවිද ගිය අන්දම ඇය සිහිපත් කළාය.

කිලෝමීටර හාර ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ඇවිදිමින් ඇය යුක්තිය සොයා ගිය අන්දම සමාජ මාධ්‍ය ජාලවල පළ වී තිබුණි.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

මේ අතර සිය සැමියා අතුරුදහන් වීමෙන් 11 වසරක් ගතවන මොහොතේ සහෘදයන් පිරිසක් සමඟ සන්ධ්‍යා නව වෙබ් අඩවියක් (http://ekneligodaforum.org) ජනගත කළේ, ඝාතනයට ලක් වූ සහ අතුරුදහන් වූ අනෙක් මාධ්‍යවේදීන් ද අනුස්මරණය කරමිනි.

Skip X post, 3
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 3

මාධ්‍යවේදියෙකු, කාටුන් ශිල්පියෙකු සහ දේශපාලන විචාරකයෙකු වූ ප්‍රගීත් සිතුවම් කළ කාටූන සහ සිය නිර්මාණ සඳහා ඔහු භාවිත කළ උපකරණ ද එහි ප්‍රදර්ශනයට තබා තිබිණ.

ඒ පිළිබඳ අදහස් දක්වමින් මානව හිමිකම් ක්‍රියාධාරිනී අමලිනී ද සයිරා පවසන්නේ, ප්‍රගීත් පැහැර ගැනීම, හමුදාව ඒ සම්බන්ධ සාක්ෂි සැඟවීම, බලවත් භික්ෂූන්ගෙන් එල්ල වූ තර්ජන වැනි සියල්ලෙන් අනතුරුව සන්ධ්‍යා සහ ඇගේ දරුවන් වෙනුවෙන් යුක්තිය ඉටු විය යුතු බවය.

Presentational grey line

කියවන්න:

Presentational grey line

යුක්තිය ඉටු නොකළ යහපාලනය

2015 ජනවාරි 08 වෙනි දින රාජපක්ෂ පාලනය පරාජය කරමින් යහපාලන ආණ්ඩුව බලයට පත්වූයේ ප්‍රගීත් අතුරුදහන්වීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ධර්මරත්නම් සිවරාම් ඝාතනය සහ මාධ්‍යවේදී පෝද්දල ජයන්තට පහරදීම වැනි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරන බවට ප්‍රතිඥා දෙමිනි.

ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග ඇමෙරිකාවේ අධිකරණයක ගොනු කර තිබූ නඩුව එම අධිකරණය විසින් නිෂ්ප්‍රභ කරනු ලැබිණ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

සහෘද හමුව ඇමතූ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ වැඩබලන ලේකම් සුනිල් ජයසේකර පෙන්වා දුන්නේ, විශේෂයෙන්ම රාජපක්ෂ පාලනය යටතේ ශ්‍රී ලංකාවේ ජනතාව සත්‍යය දැනගැනීම, සබුද්ධික වීම සහ සවිඥානක වීම නොඉවසූ පාලනයක් පසු කිරීමට තමන්ට සිදු වූ බවය.

ඔහු එම යුගය විග්‍රහ කළේ ශ්‍රී ලංකාවේ "බිහිසුණුම, අන්ධකාර වූ යුගයක්" ලෙසිනි.

කෙසේ වුවත්, ඉන් අනතුරුව තමන්ගේ ද දායකත්වයෙන් බිහි වූ යහපාලන ආණ්ඩුව මාධ්‍යවේදීන්ට "චේතනාන්විතව හෝ සංවිධානාත්මකව" හිරිහැර නොකළ නමුත් ඊට පෙරාතුව සිදු කළ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමට එම පාලනය අසමත් වූ බවද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් ජයසේකර සඳහන් කළේය.

"නීතිය හමුවට පමුණුවලා, ඒ ඝාතනය වෙච්ච කිසිදු ජනමාධ්‍යවේදියෙකුට යුක්තිය ඉටු නොකළ පාලනයකුයි ඉන් අනතුරුව අපි ගෙවුවේ," ඔහු පැවසීය.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් ජයසේකර අවධාරණය කළේ, එම ඝාතකයන් සහ භීෂකයන් තවමත් නිදැල්ලේ සිටින තත්ත්වය හමුවේ වර්තමානයේ ද මාධ්‍යවේදීන් ගේ ජීවිත සපුරා සුරක්ෂිත නොමැති බවය.

Wife of missing Sri Lankan cartoonist Prageeth Eknaligoda, Sandhya Eknaligoda and media activists engage in a silent protest by holding photos of slain journalists while holding candles at the "Black January" vigil to commemorate the disappeared,abducted and killed Sri Lankan journalists in Colombo, Sri Lanka January 30, 2018

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මාධ්‍යවේදීන් 117 ක් ඝාතනය කරලා

යහපාලන ආණ්ඩුවේ කතානායක පදවිය හෙබැවූ කරු ජයසූරිය, මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් නිර්මාණය කරන ලද සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ වත්මන් ප්‍රධානියාය.

සහෘද හමුව ඇමතූ ඔහු කියා සිටියේ, පසුගිය රාජපක්ෂ පාලනයට වඩා වත්මන් රාජපක්ෂ පාලනය "වෙනස් ආකාරයේ මාධ්‍ය දඩයමක්" ක්‍රියාත්මක කරමින් සිටින බවය.

''අද පහර දෙනවා වෙනුවට නිවාස වලට පැන මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගෙන ඒ අයගේ පරිගණක රැගෙන ගොස් හිරිහැර කරනවා. බොරු ප්‍රකාශ ගන්න බල කරනවා," හිටපු කතානායක කරු ජයසූරිය පැවසීය.

ඔහු පවසන්නේ මාධ්‍ය ක්‍රියා කලාපය ද වර්තමානයේ වෙනස් වී ඇති බවය.

"මෑත යුගයේ අපි දකින්නේ වෙනත් මාධ්‍ය සංස්කෘතියක්. තමන් කැමති දේශපාලකයින් ජයග්‍රහණය කිරීම සඳහා අමූලික බොරු ගොතනවා. චරිත ඝාතනය කරනවා. ජාති, ආගම් බේද ඇති කරනවා. ආගම වෙළෙඳ භාණ්ඩයක් කරගන්නවා. මේ නිසා අපි ඉතිහාසයේ නොවූ විරූ භයානක අභියෝගයකට රටක් වශයෙන් මුහුණ දී සිටිනවා. මෙහි ආදීනව ගෙවන්න වෙන්නේ ඊළඟ පරපුරට."

1981 සිට මේ දක්වා මාධ්‍යවේදීන් 117 ක් ඝාතනය හෝ අතුරුදහන් කර ඇති බවත් හිටපු කතානායකවරයා පැවසීය.

Presentational grey line

කියවන්න:

Presentational grey line

'ඝාතනය වෙනුවට භීතිය'

2009 ජනවාරි 08 වෙනි දින ඝාතනය කරන ලද එවක සන්ඩේ ලීඩර් පුවත්පතේ කතුවරයා වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ගේ දියණිය, අහිම්සා ද, වීඩියෝ තාක්ෂණය ඔස්සේ සහෘද හමුව ඇමතුවාය.

ලසන්ත වික්‍රමතුංග

ඡායාරූප මූලාශ්‍රය, Facebook/ NMJS

රටේ සියලු පුරවැසියන්ට භාෂණයේ නිදහස සුරක්ෂිත කරන "සාධාරණ සහ විනීත" සමාජයක භාෂණයේ නිදහසට එරෙහිව "ඒකාධිපතියන්" යුද නොවදින බව සඳහන් කළ අහිම්සා වික්‍රමතුංග, තමන්ට එරෙහිව අදහස් දක්වන පුද්ගලයන් මරා දැමීම ආරම්භ කළේ එල්ටීටීඊ සංවිධානය බව ද පෙන්වා දුන්නාය.

"කොටින් මර්දනය කිරීමට ප්‍රතිඥා දුන් බොහෝ දෙනා තමන් විවේචනය කළ මාධ්‍යවේදීන් නිහඬ කිරීම පිණිස එල්ටීටීඊ යේ ත්‍රස්ත උපාය යොදාගැනීම කෙරෙහි ආකර්ෂණය වීමෙන් වැලකීමට අපොහොසත් වූහ," යනුවෙන් ද ඇය කියා සිටියාය.

1990 දී රිචඩ් ද සොයිසා මාධ්‍යවේදියා ඝාතනය කරනු ලැබීමේ සිට සිය පියා සහ ප්‍රගීත් එක්නැලිගොඩ දක්වා මාධ්‍යවේදීන් විශාල පිරිසක් "බල්ලන් ලෙසින් මරාදමන" ලද බව ඇය සිහිපත් කළාය.

"මනුෂ්‍ය ඝාතනය, නිදහසේ අංගයන් පාලනය කිරීම පිණිස පාලකයන් යොදාගන්නා මූලික උපකරණය බවට පත්ව ඇති බව සිය මරණයට ටික දිනෙකට කලින් මගේ පියා ලියා තිබුණේය."

අහිම්සා වික්‍රමතුංග පවසන්නේ, 2009 දී සිය පියා එසේ ලියා තැබූ අතර, තවත් විශාල පිරිසක් මරා දමා, වද බන්ධනවලට ලක් කොට සහ ව්‍යාජ චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබීමෙන් වසර ගණනාවකට පසුව 2021 දී සිදුව තිබෙන්නේ "භීතිය" ශ්‍රී ලංකාවේ නිදහසේ ගෙල සිර කරන අඬුව බවට පත්වීම බවය.

වීඩියෝ ශීර්ෂ වැකිය, "ස්වාධීන විනිසුරුවන් නීතියේ ආධිපත්‍යය සඳහා අත්‍යවශ්‍ය අංගයක්" - හෙලනා කෙනඩි සාමිවරිය

"බලය තිබෙන පුද්ගලයන් ඇසීමට අකමැති කිසිවක් පැවසුවහොත් දඬුවම් ලැබෙනු ඇතැයි සිතීමට ශ්‍රී ලංකාවේ සෑම දෙනාටම බලකරනු ලැබ තිබේ," යනුවෙන් පවසන අහිම්සා වික්‍රමතුංග,

  • "අවංක පොලිස් නිලධාරියෙකුට මරණයෙන් පලා යාමට විදේශ තානාපති කාර්යාලයක් උපකාර කළහොත්, ඔවුන්ගේ කාර්ය මණ්ඩලය පැහැරගෙන වධ බන්ධන පමුණුවනු ඇති බවට ඔවුන් බිය විය යුතුය,
  • ඔවුන් පොලිසියට පැමිණිලි කළහොත් සිය සේවකයන් අත්අඩංගුවට ගෙන නඩු පවරනු ඇති බවට ඔවුන් බිය විය යුතුය,
  • බලහත්කාර ආදාහනවලට එරෙහිව නීතිවේදියෙකු උද්ඝෝෂණය කළහොත්, තමන් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදියෙකු ලෙසින් හංවඩු ගසනු ඇතැයි ඔහු බිය විය යුතුය,
  • තමන් ද බල්ලන් මෙන් මරා දැමිය හැකි බව ආණ්ඩුව විවේචනය කරන මන්ත්‍රීවරුන්ට සිහි කැඳවනු ලැබේ,"

යනුවෙන් ශ්‍රී ලංකාවේ "භීතිය" පැතිරී තිබෙන අන්දම පිළිබඳව දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කළාය.

ඇය අවධාරණය කරන්නේ, අනිවාර්යයෙන්ම මෙම "භීතියේ චක්‍රය බිඳ දැමිය යුතු," බවය. ඒ සඳහා සියලු වින්දිතයන්ට යුක්තිය ඉටුවිය යුතු බව ද ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ගේ දියණිය, අහිම්සා, අවධාරණය කරන්නීය.

Presentational grey line

කියවන්න:

Presentational grey line

අභීත නිලධාරීන්ට ප්‍රණාමය

සිය පියා, ප්‍රගීත් එක්නැලිගොඩ, කීත් නොයාර්, උපාලි තෙන්නකෝන්, පෝද්දල ජයන්ත, නඩරාජා රවිරාජ් සහ ජෝසෆ් පරරාජසිංහම් ඇතුළු බොහෝ දෙනාට සිදු වූයේ කුමක් දැයි දැනගැනීමට ලැබුණේ නිශාන්ත සිල්වා සහ ශානි අබේසේකර වැනි "අභීත පොලිස් නිලධාරීන් දියත් කළ විමර්ශන" හේතුවෙන් බව පෙන්වා දෙන අහිම්සා, එම අභීත ක්‍රියාකාරකම් හේතුවෙන් ඔවුන්ට "සියල්ල අහිමි වී ඇති," බව ද සිහිපත් කළාය.

"අපේ වීරයන් වීමට ඔවුන්ට දිරිය තිබීම හේතුවෙන් මේ අසාමාන්‍ය පොලිස් නිලධාරීන් අත්හැර දමා දුක් විඳීමට සලසනු ලැබ තිබේ."

අහිම්සා අවධාරණය කරන්නේ නිශාන්ත සිල්වා, ශානි අබේසේකර ඇතුළු එවැනි "අභීත නිලධාරීන්" වෙනුවෙන් පෙනී සිටිය යුතු බවය.

"මාධ්‍යවේදීන්ගේ ඝාතන පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම හේතුවෙන් ඔවුන්ට දඬුවම් කිරීමට අප ඉඩ නොතැබිය යුතුය," ඇය පවසන්නීය.

"මීළඟ වින්දිතයා අප අතරින් ඕනෑම කෙනෙක් විය හැකිය. අපරාධ පරීක්ෂා කිරීමට දිරිය ඇති පොලිස් නිලධාරීන් අප ආරක්ෂා නොකරන්නේ නම්, යුක්තිය උදෙසා අදහස් දැක්වීම හේතුවෙන් අපෙන් කෙනෙක් මරා දැමුණු විට ඒ ගැන පරීක්ෂා කිරීමට කිසිවෙක් ඉතිරි නොවනු ඇත."

ගතවගිය දශකයකට ආසන්න කලය ඇතුළත යුක්තිය උදෙසා තමන් සහ සන්ධ්‍යා ඇතුළු වින්දිතයන්ගේ පවුල්වල ඥාතීන් කළ ආයාචනා ඇසුණේ ඉතා සීමිත පිරිසකට පමණක් බව සිහිපත් කරන අහිම්සා වික්‍රමතුංග, එසේ එදා තමන් වෙනුවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන් පීඩාවට පත්ව සිටින අවස්ථාවේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම සිය යුතුකම බව අවධාරණය කරන්නීය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර

ඡායාරූප මූලාශ්‍රය, Twitter

කවුද මේ ශානි අබේසේකර සහ නිශාන්ත සිල්වා ?

ශානි අබේසේකර සහ නිශාන්ත සිල්වා ශ්‍රී ලංකාවේ සිදුවූ ආන්දෝලනාත්මක අපරාධ ගණනාවක් භාරව කටයුතු කළ විමර්ශන නිලධාරීන් දෙදෙනෙකි.

  • රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය,
  • කොළඹ අවට තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම,
  • භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය,
  • මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය
  • රතුපස්වල වෙඩි තැබීම

වැනි සිදුවීම් පිළිබඳ විමර්ශන සිදුවූයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ අධීක්ෂණයෙනි.

එම සිදුවීම් වලට අමතරව;

  • රෝයල් පාර්ක් ඝාතනය
  • අඟුලාන ද්විත්ව මිනීමැරුම
  • උඩතලවින්න ඝාතනය
  • මොහොමඩ් සියාම් ඝාතනය වැනි ආන්දෝලනාත්මක මිනීමැරුම් ගණනාවක අභිරහස් හෙළිකරගත් විමර්ශන කටයුතු වල නියැළුණු නිලධාරියෙක් ලෙස ද ශානි අබේසේකර හැඳින්විය හැකිය.

පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා එම විමර්ශන බොහොමයක් භාරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ කටයුතු කළේය.

පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර සම්බන්ධයෙන් ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ පැවැත්වෙමින් තිබූ අතර, ඒ පිළිබඳව සොයා බැලූ විශේෂ පාර්ලිමේන්තු කමිටුව ඉදිරියේ සහ විශේෂ ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ ද ඔහු සාක්ෂි දුන්නේය.

Presentational grey line

තවත් කියවන්න: