ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තග්ස් ඔෆ් හින්දුස්ථාන්: ඩොලර් මිලියන 42ක් වැය වූ බොලිවුඩ් චිත්‍රපටය
බොලිවුඩ් සිනමා ලෝලීන් මේ වසරේදී වඩාත් අපේක්ෂාසහගතව බලා සිටි චිත්‍රපටය වන Thugs of Hindostan ඓතිහාසික චිත්‍රපටය වෙනුවෙන් සිනමා තරු දෙකක් වන අමිතාභ් බච්චන් සහ ආමීර් ඛාන් අත්වැල් බැඳගෙන සිටිති.
චිත්‍රපට විචාරක සුධා ජී තිලක් පවසන්නේ, බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව සටන් වැදුණු කැරලිකරුවෙකු මුල් කර ගනිමින් නිර්මාණය කරන ලද මෙම චිත්‍රපටය විචාරකයින් පුදුම කරවීමට සමත් වී නොමැති අතර එයට ජනප්‍රිය අංග එක් කිරීමට උත්සහ දරා ඇති බවය.
ඒ සඳහා වැය වූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 42කි.
Thugs of Hindostan චිත්‍රපටයට පසුබිම් වී ඇත්තේ, 19 වෙනි සියවසේ ඉන්දීය ශ්‍රේෂ්ඨ ගරිල්ලා නායකයෙකු සහ ඔහුගේ අසංවිධානාත්මක බලඇණිය සහ ඊට නායකත්වය සපයන දුනු ශිල්පිනියක විසින් ඔවුන්ට අහිමි වූ රාජධානිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කරන අරගලයයි.
එහි ගරිල්ලා නායකයාගේ චරිතයට පණ පොවනුයේ, 76 හැවිරිදි අම්තාභ් බච්චන්ය.
ආමීර් ඛාන් එම චිත්‍රපටයේ අහංකාර කොල්ලකරුවෙකුගේ භූමිකාවට පණ පොවයි.
ඔහු දේශීය ධනවතුන්ගෙන් වස්තුව කොල්ල කමින් බටහිර පාලකයින්ට තොරතුරු සපයන්නෙකු ලෙස ක්‍රියා කරන අතර අවසානයේ ඔහු බ්‍රිතාන්‍ය හමුදා පරාජය කිරීම සඳහා කැරලිකරුවන් සමග එක් වෙයි.
මේ ගැනත් දැනගන්න:
මෙහි කැරලිකරුවන් මෙහෙයවන දුනු ශිල්පිනියගේ චරිතය සඳහා ෆාතිමා සානා ෂෙයික් රංගනයෙන් දායක වන අතර බොලිවුඩ් තාරකාවක වන කත්‍රිනා කයිෆ් එක් වන්නේ, නර්තන ශිල්පිනියක ලෙසය.
මෙම චිත්‍රපටයේ අන්තර්ගතය 1839 දී ෆිලිප් මෙඩෝස් ටේලර් විසින් රචනා කරන ලද Confessions of a Thug ඉංග්‍රීසි නවකතාවට සමාන බවට ඇතැම් පිරිස් පවසති.
මේ චිත්‍රපටය සම්බන්ධයෙන් විචාරකයින් මෙන් ම සිනමා රසිකයින් ද විවිධ මත දරන අතර මෙය 'Pirates of the Caribbean' චිත්‍රපටයට ඉන්දියාව දුන් පිළිතුරක් ලෙස ද ඇතැම් විචාරකයින් පවසා තිබේ.