අද දිනය වන විට ඉරානය සමග ඇමෙරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය පස්වන දිනටත් සිදු වෙමින් පවතිනවා.
ඉරානයට ඊයේ දිනයේ [මාර්තු 03] එල්ල කළ ප්‍රහාරවලින් අනතුරුව ඉරානය තුළ නව ප්‍රහාර රැල්ලක් දියත් කරන බව ඊශ්‍රායලය පවසනවා.
පෙබරවාරි 28 වන දින සිට ඉරානයේ සිවිල් වැසියන් 1,097 දෙනෙකු ඝාතනය වී ඇති බව ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ප්‍රවෘත්ති ඒජන්සිය (HRANA) පවසනවා.
එයින් 181 දෙනෙකු වයස අවුරුදු 10 ට අඩු ළමුන් බව ඒජන්සිය පවසනවා.
තුවාල ලැබූ සිවිල් වැසියන් සංඛ්‍යාව 5,402 දක්වා ළඟා වී ඇති අතර, එයින් 100 දෙනෙකු ළමුන් බව HRANA වැඩිදුරටත් පවසනවා.
පසුගිය පැය 24 තුළ පමණක් අවම වශයෙන් ප්‍රහාර 104ක් සිදුවී ඇති බව එහි සඳහන්.
ඔවුන් හමුදා කඳවුරු, වෛද්‍ය මධ්‍යස්ථාන සහ නේවාසික ප්‍රදේශවලට පහර දී ඇති බව එම සංවිධානය පවසනවා.
තවත් සිය ගණනක් වාර්තා වූ මරණ සම්බන්ධයෙන් තවමත් සමාලෝචනය කෙරෙමින් පවතිනවා.
මේ අතර, හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කරගත් තවත් ප්‍රහාර එල්ල වන බවට අනතුරු ඇඟවීමක් කර ඇති බැවින්, ඊශ්‍රායලය ලෙබනනයේ ගම්මාන සහ නගර දුසිමකට අධික සංඛ්‍යාවක පදිංචිකරුවන්ට ඉවත් වන ලෙස ඉල්ලා තිබෙනවා.