ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පද්මාවතීට ප්‍රේමය තහනම්ද ?
'පද්මාවතී' බොලිවුඩ් චිත්‍රපටයට විරෝධය පළ කරන හින්දු දක්ෂිනාංශික කණ්ඩායම්වල ආධාර කරුවන් විසින් ගුජරාට් ප්‍රාන්තයේ සාප්පු සංකීර්ණ විනාශ කරමින් රථ වාහන ගිනිබත් කරන ලද බව ගුජරාට් පොලිසිය පවසයි.
මෝටර්රථ සහ යතුරුපැදි ගිනිබත් කරනු ලැබීමෙන්අනතුරුව ඊයේ අඟහරුවාදා රාත්‍රියේ 'අහ්මදාබාද්' නගරයේ රැස්වෙමින් සිටි ප්‍රහාරක කණ්ඩායම් විසුරුවා හැරීමට පොලිසිය වෙඩි තබා ඇත.
ඉන්දීය පුරාවෘත්තයක් වන 'පද්මාවතී' හින්දු රැජිනගේ චරිතය පාදක කර ගනිමින් නිර්මාණය කරන ලද චිත්‍රපටය ඉතිහාසය විකෘති කිරීමක් වන බව අන්තවාදී කණ්ඩායම් කියා සිටිති.
එහෙත් එම චිත්‍රපටය නිර්මාණය කළ සිනමාවේදීන් එම අදහස් ප්‍රතික්ෂේප කරති.
අද බ්‍රහස්පතින්දා (ජනවාරි 24) පද්මාවතී ප්‍රදර්ශනය සඳහා සිනමා ශාලා පියවර ගනිමින් තිබියදී ගුජරාටයේ පමණක් නොව තවත් ප්‍රාන්ත කීපයක ද ආරක්ෂාව තර කරනු ලැබ ඇත.
පද්මාවතී තහනම් කරන ලෙස ඉල්ලා සිටිමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් කීපයක් ඉදිරිපත් කරනු ලැබ තිබුණත් ඒවා සියල්ල ප්‍රතික්ෂේප කරනු ලැබුණි.
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒවා බැහැර කරන ලද්දේ කතා කිරීම සහ අදහස් ප්‍රකාශනය සඳහා ඇති අයිතියෙන් සිනමා කලාව වෙන්කළ නොහැකි බව පවසමිනි .
සන්ජේ ලීලා භන්සාලි (Sanjay Leela Bhansali) විසින් අධ්‍යක්ෂණය කරනු ලබන 'පද්මාවතී' දාහතර වෙනි සියවසට අයත් මුඛ පරම්පරාගත වෘත්තාන්තයක් පාදක කර ගනිමින් නිමවුණ සිනමා සිත්තමකි.
අධ්‍යක්ෂ සන්ජේ ලීලා භන්සාලි 'පද්මාවතී' සිනමාපටයේ තිර කතාව ලියා ඇත්තේ මලික් මුහම්මද් ජයසි කවියාගේ "පද්මාවත්" කාව්‍යය (1540) මගින් ලද ආභාෂය අනුව යමිනි.
ඉන්දීය පුරාවෘත්තවල පද්මාවතී රැජින "රානි පද්මිනී" යනුවෙන් ද හඳුන්වනු ලැබ ඇත.
දීපිකා පදුකෝන්, සහ රන්වීර් සිං 'පද්මාවතී' සිනමා වෘත්තාන්තයේ ප්‍රධාන චරිතවලට පණ පොවති.
රාජ්පුත් සහ හින්දු කණ්ඩායම් 'පද්මාවතී' චිත්‍රපටයට එරෙහිව නැගී සිටියේ එකී අභිමානවත් චරිතයට දීපිකා පදුකෝන් පණ දීම එම පරමාදර්ශී චරිතය කෙලෙසීමක් යයි පවසමිනි.
සබැඳි පුවත් ;