ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හැරී පොටර් ගැන ඩැනියල් රැඩ්ක්ලිෆ්ගෙන් හෙළිදරව්වක්
හැරී පොටර් චරිතය සඳහා තවදුරටත් රංගනයෙන් දායක වීමට මේ මොහොතේ තමාට අභිප්‍රායක් නොමැති බව 'හැරී පොටර්' වික්‍රමාන්විත ප්‍රබන්ධ චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතයට පණ පෙවූ ඩැනියල් රැඩ්ක්ලිෆ් පවසයි.
'Harry Potter and the Cursed Child' සඳහා බ්‍රිතාන්‍ය ජාතික සිනමා නළු ඩැනියල් රැඩ්ක්ලිෆ් රංගනයෙන් දායක වනු ඇති බවට කටකතා පළ විය.
බීබීසීයේ 'වික්ටෝරියා ඩර්බිශයර්' වැඩසටහනට එක් වෙමින් රංගන ශිල්පී රැඩ්ක්ලිෆ් කියා සිටියේ 'ඇතැම් විට තිස් වසරකට පසු මම ඒ පිළිබඳ වෙනස් ආකාරයකට හිතාවි. මට හැරී පෝටර්ගේ පියාගේ චරිතය රඟපාන්න හැකි වේවි'යනුවෙනි.
විසි හත් හැවිරිදි ඩැනියල් රැඩ්ක්ලිෆ් පළමු 'හැරී පොටර්' සිනමා නිර්මාණයට දායක වූයේ 2001 වසරේදී.
ඉංග්‍රීසි ජාතික ලේඛිකා ජේ. කේ රෝලිංග් විසින් රචිත ප්‍රබන්ධ නව කතා මාලාවක් පාදක කර ගනිමින් 'හැරී පොටර්' චිත්‍රපට මාලාව බිහි විය.
ලොව පුරා තිර ගත වූ හැරී පොටර් චිත්‍රපට මාලාව ඇමරිකානු ඩොලර් කොටි හත්සීයක ආදායමක් ලබා ඇති බව වාර්තා වේ.
'හැරී පොටර්' සිනමා මාලාව සහ වෙනත් සිනමා නිර්මාණ ගණනාවකටම රංගනයෙන් දායක වූ ඩැනියල් රැඩ්ක්ලිෆ් වේදිකා නාට්‍ය සඳහා ද සිය රංගන දායකත්වය ලබා දී තිබේ.