කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමින් පොලීසිය පාර දිගේ විරෝධතාකරුවන් පන්නයි
දින 90ක් රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි නිදහස් කරන්නැයි ඉල්ලා අද (නොවැම්බර් 18) කොළඹ පැවති විරෝධතා විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන ලදී.
මෙම විරෝධතා සංවිධානය කරන ලද්දේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසිනි.
සිවිල් ක්‍රියාකාරීන්, බහුජන සංවිධාන සහ වෘත්තීය සමිති නියෝජිතයෝ ද ඊට සහභාගී වූහ.
