'වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කරන්න' මහියංගනයේ විරෝධතාවයක්

වීඩියෝ ශීර්ෂ වැකිය, වසන්ත සහ සිරිධම්ම හිමියන් නිදහස් කරන්නැයි බල කරමින් මහියංගනයේ විරෝධතාවයක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් වහා නිදහස් කරන්නැයි රජයට බල කරමින් අද (ඔක්තෝම්බර් 19) මහියංගනයේදී විරෝධතාවක් පැවැත්විණි.

ඌව වෙල්ලස්ස්ස ජනතාව සහ සිවිල් සංවිධාන එකතුව විසින් එය සංවිධානය කර තිබිණි.

මෙහිදී ඔවුහු රජය ගෙන යන මර්දනයට එරෙහිව දිවයින පුරා විරෝධතා පවත්වන බවට අවධාරණය කළහ.