ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඩොනල්ඩ් ට්‍රම්ප්: දිවි ගමන ඡායාරූපවලින්
ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් 1946 ජූනි 14 වන දා නිව් යෝර්ක් ක්වීන්ස්හිදී උපත ලැබීය.
දරුවන් පස් දෙනෙකුගෙන් සමන්විත පවුලේ සිව් වැන්නා ඔහු ය. ඔහුට ෆ්‍රෙඩ් (කනිෂ්ඨ) සහ රොබර්ට් නමින් සහෝදරයින් දෙදෙනෙක් ද මාරියාන් සහ එලිසබෙත් නමින් සහෝදරියන් දෙදෙනෙක් ද වූහ. ජීවතුන් අතර සිටින ඔහුගේ එක ම සහෝදරිය එලිසබෙත් පමණි.
ඔහුගේ පියා වූ ෆ්‍රෙඩ් නිව් යෝර්ක්හි සාර්ථක ඉදිකිරීම් සමාගමක් පවත්වාගෙන ගියේ ය. 1968 වසරේදී ඔහු සිය පියාගේ ව්‍යාපාරයට සම්බන්ධ වුව ද, මද කලකින් මැන්හැට්න්හි තමන්ගේ ම ව්‍යාපාරයක් ආරම්භ කළේ ය.
ඔහු අත්ලාන්තික් සිටි, චිකාගෝ සහ ලාස් වේගාස් ආදී නගරවල සිට ඉන්දියාව, තුර්කිය සහ පිලිපීනය දක්වා කැසිනෝ, මහල් නිවාස සංකීර්ණ, ගොල්ෆ් පිටි සහ හෝටල් පවත්වාගෙන ගියේ ය.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආකර්ෂණීය විලාසය ඔහුට නිව් යෝර්ක්හි ව්‍යාපාරික ලෝකයේ කැපී පෙනීමට සහ The Apprentice රූපවාහිනී වැඩසටහන තුළින් විනෝදාස්වාද ලෝකයේ තරුවක් බවට පත්වීමට උපකාරී විය.
ඩොනල්ඩ් ට්‍රම්ප් තෙවරක් විවාහ වී ඇති අතර දරුවන් පස් දෙනෙකුගේ පියෙකි. ඔහු 1977දී පළමු වරට විවාහ වූයේ, ඉවන්කා සෙල්නිකෝවා සමග ය.
ට්‍රම්ප් 2005 වසරේදී තෙවන වරට විවාහ වූයේ, මෙලානියා නෝස් සමග ය. ඔවුන් දෙදෙනා වසර 7කට පෙර හමුවන විට ඔහු 52 වන වියේ පසු වූ අතර ඇය 28 වන වියේ පසු විය.
2015 වසරේදී ඔහු සිය දේශපාලන දිවිය ආරම්භ කළේ, ට්‍රම්ප් කුලුනෙහි පැවති මාධ්‍ය හමුවකදී ධවල මන්දිරයට තරග කරන බව නිවේදනය කරමිනි. ඔහුගේ ආදර්ශ පාඨය වන්නේ, "ඇමෙරිකාව යළිත් ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීම" ය.
මතභේදාත්මක අසීරු මැතිවරණ ව්‍යාපාරයකින් පසු, ඩිමොක්‍රටික් අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටන් පරාජය කරමින්, 2017 වසරේදී ඇමෙරිකාවේ 45 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ ය.
ඔහු ජනාධිපති ධූරය දැරූ කාලය ඇමෙරිකාවේ මිත්‍ර රටවලට අවිනිශ්චිත කාලයක් වූ අතර බොහෝවිට විදේශීය නායකයින් සමග විවෘත ගැටුම් ඇති විය. ඔහු දේශගුණ සහ වෙළෙඳ ගිවිසුම් කිහිපයකින් ඉවත් වූ අතර, චීනයට එරෙහිව වෙළෙඳ යුද්ධයක් ආරම්භ කළේ ය.
කොවිඩ් වසංගතය කළමනාකාරණය කර ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ ජනාධිපති ධූර කාලයේ අවසන් වසරේදී විවේචනයට ලක්විය. 2020 ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය පැවතියදී කොරෝනාවෛරසය වැළඳී ඇති බවට හඳුනා ගැනීමෙන් පසු ඔහුට විවේකයක් ගැනීමට සිදුවිය.
2020 ජනාධිපතිවරණයෙන් බයිඩ්න් හමුවේ පරාජයට පත්වුව ද, ප්‍රතිඵලය පිළිනොගත් ට්‍රම්ප් චෝදනා කළේ, ජනාධිපතිවරණයේදී වංචාවක් සිදුවූ බව ය. ඇමෙරිකානු කොංග්‍රසය දක්වා පෙළපාළි යන ලෙස ඉල්ලා ඔහු ජනවාරි 6 වන දා වොෂින්ටනයට ආධාරකරුවන් රැස් කළේ ය.
එම රැලිය කෝලාහලයක් දක්වා වර්ධනය වූ අතර එදින ඔහුගේ ක්‍රියාකාරීත්වය අපරාධ නඩු දෙකකට මුල් විය.
ඔහුගේ දේශපාලන ජීවිතය අවසන් වූ බවක් දිස්වුව ද, ඔහු තවත් ජනාධිපතිවරණයක් වෙනුවෙන් අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කළ අතර කෙටි කලක් තුළ රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රමුඛයා බවට පත්විය.
ට්‍රම්ප් ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භ කළේ, සාපරාධී චෝදනා 91කට මුහුණ දෙමිනි.
ඔහු 2016 මැතිවරණයට පෙර, රහස් හෙළි නොකිරීම වෙනුවෙන් වැඩිහිටි චිත්‍රපට නිළියක වන ස්ටෝමි ඩැනියෙල්ස් වෙත මුදල් ගෙවීම සම්බන්ධ වංචා 34කට වරදකරු විය.
ජනාධිපතිවරණ ප්‍රචාරණ මාවතට ආපසු පිවිසි ට්‍රම්ප් ඝාතනය කිරීමට, 20 හැවිරිදි තුවක්කුකරුවෙකු පෙන්සිල්වේනියාවේ බට්ලර්හි පැවති රැස්වීමකදී උත්සහ කළේ ය.
දින කිහිපයකට පසු, රිපබ්ලිකන් ජාතික සම්මේලනයේදී එම පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ඔහු බව තහවුරු විය.
ජයග්‍රහණයත් සමග ඔහු ඇමෙරිකාවේ මෙතෙක් පත්වූ වයස්ගත ම ජනාධිපතිවරයා ට්‍රම්ප් බවට පත්වනු ඇත. ඔහුගේ මීළඟ ධූර කාලය අවසන් වන විට ඔහුගේ වයස අවුරුදු 82කි.