ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වීදිවල සැරිසරන නිහඬ ඝාතකයා ඔබට බලපෑම් කරන්නේ කෙසේ ද?
- Author, ඔනූර් එරම්
- Role, බීබීසී ලෝක සේවය
- කියවීමේ කාලය: මිනිත්තු 5
නිහඬ ඝාතකයෙක් අපගේ වීදිවල සැරිසරයි. එය අල්ලා ගැනීමට නොහැකි අතර ආරක්ෂිතව සැඟවීමට කිසි ම තැනක් ද නොමැත.
සෑම වසරක ම වින්දිතයන් මිලියන 4ක් සමගින් සහ ගෝලීය ජනගහනයෙන් 99%කට බලපෑම් කරමින්, වායු දූෂණය මහජන සෞඛ්‍ය අර්බුදයක් ඇති කරයි.
මූලික මූලාශ්‍රවලින් වඩාත් දුර ප්‍රදේශවලය පවා බලපෑම් කරමින්, දූෂණ කාරකයන්ට බොහෝ දුර යා හැකි ය.
සැබැවින් ම ප්‍රශ්නය නිරාකරණය කිරීමට රජයන්ගේ සහ දැවැන්ත ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වය අවශ්‍ය වන අතර, තනි තනි උත්සහයන්ගෙන් ඇති වන්නේ, සීමාසහිත බලපෑමකි.
මෙම අභියෝගයට මුහුණ දීමේ උත්සහය පෙරදැරි කර ගනිමින්, 2020 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සැප්තැම්බර් 7 වන දා 'නිල් අහසක් සඳහා පිරිසිදු වාතය පිළිබඳ ජාත්‍යන්තර දිනය ප්‍රකාශයට පත් කළේ ය.
අපි ගැටලුවේ පරිමාණය සහ කළ යුත්තේ කුමක් ද? යන්න සම්බන්ධයෙන් විශේෂඥයන් පවසන්නේ කුමක්දැයි විමසා බලමු.
ප්‍රශ්නය කෙතරම් දැවැන්ත ද?
ලොව පුරා මිනිසුන් මිලියන හතක් අකාලයේ මිය යාමට හේතු වන බව ගණනය කරමින් එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP), වායු දූෂණය යනු "ගෝලීය මහජන සෞඛ්‍යයට ඇති ලොකු ම පාරිසරික තර්ජනය," ලෙස නම් කරයි.
එමෙන් ම එය බලපාන්නේ, මිනිසුන්ට පමණක් නොවේ.
2019 දී ලෝක බැංකුවේ ගණනය කිරීම් අනුව, වායු දූෂණයට නිරාවරණය වීමත් සමග ඇති වන සෞඛ්‍ය හානි සඳහා ගෝලීය වියදම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 8.1ක්, එනම් ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 6.1%කට සමාන වූ බව ය.
එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනට අනුව, "වායු දූෂණය ගෝලීය ගැටලුවක් වුවත්, එය දියුණු වෙමින් පවතින රටවලට සහ විශේෂයෙන් ම කාන්තාවන් සහ ළමුන් වැනි වඩාත් අවදානම්සහගත අයට බලපාන ආකාරය සමානුපාතික නෑ."
රජයයන් මුහුණ දෙන අභියෝග මොනවා ද?
"වායු දූෂණයට ස්වභාවික සහ මානවීය (මනුෂ්‍ය සම්භවයක් ඇති) මූලාශ්‍ර රාශියක් එකතු වෙනවා. එමගින් කළමනාකරණය සංකීර්ණ වෙනවා," එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) විසින් කැඳවන ලද දේශගුණික සහ පිරිසිදු වාතය සන්ධානයේ ලේකම් කාර්යාලයේ ප්‍රධානියා වන මාර්ටිනා ඔටෝ පවසයි.
"ස්ථාපනය කිරීමට සහ නඩත්තු කිරීමට අධික පිරිවැයක් වැය වන වායු තත්ත්ව අධීක්ෂණ යටිතල පහසුකම් බොහෝ රටවල්වල හිඟ යි."
ආයෝජනය කිරීමට තරම් වටිනා වත්කමක් ලෙස පිරිසිදු වාතය ප්‍රතිෂ්ඨාපනය කීරීමට දැවැන්ත ආකල්පමය වෙනසක් අවශ්‍ය බව ඇය විශ්වාස කරයි.
"අමතර වශයෙන්, රෙගුලාසිවල සඵලතාව වෙනස් විය හැකි අතර, සමහර කලාපවල ප්‍රමාණවත් නීති හෝ ක්‍රියාවට නැංවීමේ යාන්ත්‍රණවල අඩුවක් තියෙනවා."
"දේශපාලන බලාපොරොත්තු සහ අරමුදල් හිඟකම ඉතා බරපතළ බාධාවන් වේ."
වායු දූෂණයට හේතු වන්නේ මොනවා ද?
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, වායු දූෂණය යනු ඝන අංශු, ද්‍රව බිඳිති මෙන් ම වායූන්ගේ සංකීර්ණ එකතුවකි.
එය අංශු පදාර්ථ ආශ්‍රයෙන් (PM) මනින අතර, විෂ්කම්භය මයික්‍රොමීටර් 2.5ක් (PM2.5) හෝ ඊට අඩු ඒවා මිනිස් සෞඛ්‍යයට වඩාත් කැපීපෙනෙන තර්ජනයක් මතු කරයි. කුඩා පරිමාණයේ අංශුවලට රුධිර ප්‍රවාහයට, හදවතට, මොළය සහ අනෙක් අවයවවලට ඇතුළු විය හැකි ය.
සාමාන්‍ය මිනිස් කෙස් ගසක විෂ්කම්භය මයික්‍රොමීටර් 70ක් පමණ වන අතර, මේ අංශු මිනිස් හිසකෙස්වලින් තිහෙන් එකකි. එම අංශු අතරට දුඹුළු, පස් දූවිලි සිට සල්ෆේට් දක්වා ඇතුළත් විය හැකි ය.
උණුසුමේ රිය පැදවීමේ අවාසි
ෆොසිල ඉන්ධනවලින් විදුලිය උත්පාදනය, ප්‍රවාහනය (ටයර් සහ තිරිංග කොටස් ඇතුළුව), සහ ගෘහස්ත දූෂණය (බොහෝවිට ආහාර පිසීම සහ රත් කිරීම) සියුම් අංශුවල ප්‍රධාන මූලාශ්‍ර වේ.
කාන්තාර ආසන්න ප්‍රදේශවල, සුළඟේ ගසාගෙන යන දූවිලි අංශු ද වායු දූෂණයේ ප්‍රධාන මූලාශ්‍රයකි.
අප්‍රිකාව, බටහිර ආසියාව සහ යුරෝපයේ දූෂ්‍ය අංශුවල ප්‍රධාන මූලාශ්‍රය සුළඟ යි; උතුරු ඇමරිකාවේ ප්‍රවාහනය යි; ලතින් ඇමරිකාවේ සහ කැරිබියන්හි වායු දූෂණයට කර්මාන්ත චෝදනා ලබන අතර ආසියා-පැසිෆික් කලාපයේ ප්‍රධාන ම දූෂණ මූලාශ්‍රය ගෘහස්ත දූෂණය යි.
එය අපේ සෞඛ්‍යයට බලපාන්නේ කෙසේ ද?
අපගේ ශරීරය තුළ සියුම් අංශු පැවතීම, අපගේ ශරීරයේ අවයවවල ක්‍රියාකාරීත්වයට අනතුරුදායක ලෙස බලපෑම් කළ හැකි ය.
එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුවලට අනුව, නිදසුනක් වශයෙන් සියුම් අංශු එළිමහන් වායූ දූෂණය හේතුවෙන් ආඝාතයෙන් සිදුවන මරණ ප්‍රතිශතය 17%ක් වන අතර, 2019 වසරේ එම දත්තවලින් පෙනී යන්නේ, පොදු සෞඛ්‍ය තත්ත්වයන් 6ක් හරහා වායු දූෂණය මරණවලට දායක වූ ආකාරය යි.
කෙටි කාලීන සහ දීර්ඝ කාලීන PM2.5ට නිරාවරණය වීම සෞඛ්‍ය ගැටලු ක්‍රමයෙන් විකාශනය වීමේදී වෙනස් කාර්යභාරයක් සිදු කරයි.
දීර්ඝ කාලීන නිරාවරණය සාමාන්‍යයෙන් රෝග ඇති කරන අතර, ඉන්පසුව වැඩි දියුණු වීමේ වේගය වැඩි කරයි. ඒ අතර කෙටි කාලීන නිරාවරණය පෙර සිට පවතින තත්ත්වයන් තවත් නරක අතට හරවන ආකාරයක් දැකිය හැකි ය.
අප යම් ප්‍රගතියක් ලබා තිබේ ද?
එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ මාර්ටිනා ඔටෝ පවසන පරිදි, යුරෝපය, ඇමෙරිකාව, කැනඩාව සහ ජපානය විමෝචනය අවම කිරීමට ඵලදායී ක්‍රියාමාර්ග ක්‍රියාවට නංවා තිබේ.
මධ්‍යම ලන්ඩනයේ රථවාහන තදබදය අඩු කරමින් බ්‍රිතාන්‍යයේ අගනුවර හානිදායක දූෂ්‍ය කාරකයන් 50%කින් අඩු කළ ලන්ඩනයේ Ultra Low Emission Zone ඊට උදාහරණයක් බව ඇය කියයි.
දිගු කාලීනව, 1900 සිට ලන්ඩනයේ අංශුමය වායු දූෂණය 97%කින් අඩු වී තිබේ.
රජය ගත් පියවර හේතුවෙන් වායු දූෂණය සැලකිය යුතු ලෙස අඩු වූ රටවල් සඳහා මෙක්සිකෝ සහ බීජීං තවත් උදාහරණ දෙකකි.
"කලාපීය වර්ධනය වීම් බොහෝවිට සමාජ ආර්ථික සංවර්ධනය සහ ක්‍රියාකාරී ජාතික ප්‍රතිපත්ති සමග එකිනෙක සම්බන්ධ යි," මාර්ටිනා ඔටෝ පවසයි.
දකුණු ආසියාව, අග්නිදිග සහ නැගෙනහිර ආසියාව (චීනය ඇතුළුව), ඕෂනියාව, මධ්‍යම සහ නැගෙනහිර යුරෝපය, සහ මධ්‍යම ආසියාව වැනි කලාප පසුගිය දශක දෙක තුළ PM2.5 නිරාවරණය වීම සැලකිය යුතු ලෙස අඩුකරගෙන තිබේ.
2020 දී, වායු දූෂණය ඝනමීටරයට මයික්‍රොග්‍රෑම් 5ට වඩා අඩු වාර්ෂික සාමාන්‍යය PM2.5 සහිත ජනගහනය අධික එක ම රට ලෙස ෆින්ලන්තය කැපී පෙනිණි.
"මෙයින් පැහැදිලි වන්නේ, ගැටලුව විසඳා ගැනීම දුෂ්කර වන අතර, ඉලක්කගත කැපවීමක් කළහොත් සැලකිය යුතු වර්ධනයක් ලබා ගන්න පුළුවන් බව," ඇය පවසයි.
අනෙක් අතට, අඩු සහ මැදි ආදායම් ලබන රටවල්වල PM2.5 නිරාවරණ මට්ටම ඉහළ ආදායම් ලබන රටවල් සමග සංසන්දනය කළ විට අඛණ්ඩව ඉහළ අගයක් වී ඇති අතර, එය පසුගිය දශකය පුරාවට ම සාපේක්ෂව නියත ලෙස පැවති අසමානතාවකි.
"ගෝලීයව PM2.5 වැඩි ම නිරාවරණයක් සහිත රටවල් දහයෙන් අටක් අප්‍රිකා මහද්වීපයේ පිහිටි අතර අනෙක් දෙක මැද පෙරදිග රටවල් වේ," ඔටෝ පවසයි.
"වාතයේ ගුණාත්මකභාවය අඩුවීම, දුර්වල නියාමන රාමු සහ අප්‍රමාණවත් අරමුදල් නිසා මේ කලාපය මහා පරිමාණ වශයෙන් වායු ගුණාත්මකභාවය වැඩිදියුණු කර ගැනීමට අසීරු තත්ත්වයක සිටිනවා."
"ෆොසිල ඉන්ධන මත දැඩිව විශ්වාසය තබා සිටීම, හෝ නිවෙස් තුළ සාම්ප්‍රදායික ජෛව ඉන්ධන මූලාශ්‍ර භාවිතය; පැරණි වාහන සහ පොදු ප්‍රවාහනයේ අඩුව, සහ ප්‍රමාණවත් කසළ කළමනාකරණයක් සිදු නොවීම නිසා විවෘත ස්ථානවල කසළ පිළිස්සීම," ප්‍රශ්නය සංකීර්ණ කරන බව ඇය වැඩිදුරටත් සඳහන් කළා ය.