ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජාතික ජන බලවේග රජයේ පළමු කැබිනට් මණ්ඩල සංශෝධනය: අලුතින් පත්වූ ඇමතිවරුන් මෙන්න
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 2
ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පළමු කැබිනට් මණ්ඩල සංශෝධනය අද (ඔක්තෝබර් 10 වන දා) සිදු කෙරිණි.
මේ යටතේ කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දස දෙනෙක් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.
නව සංශෝධනයට අනුව නව අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය පත්වීම් මෙසේ ය.
2026 අයවැයට සමගාමීව රජයේ සංවර්ධන ඉලක්ක වේගවත් සහ කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට රජය පියවර ගෙන ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
කැබිනට් ඇමතිවරු
- බිමල් රත්නායක - ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය
- අනුර කරුණාතිලක - වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය
- වෛද්‍ය සුනිල් රණසිංහ - නිවාස ඉදිකිරිම් හා ජලසම්පාදන අමාත්‍ය
නියෝජ්‍ය අමාත්‍යවරු
- ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු - මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
- ටී.බී. සරත් - නිවාස ඉදිකිරීම් හා ජලසම්පාදන
- එම්.එම්. මොහොමඩ් මුනීර් - ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය
- එරංග ගුණසේකර - නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
- වෛද්‍ය හංසක විජයමුණි - සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
- අරවින්ද සෙනරත් විතාරණ - ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය
- එච්.එම්. දිනිඳු සමන් කුමාර - තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
- යූ.ඩී. නිශාන්ත ජයවීර - ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
- ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න - ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
- එම්.එයි.එම්. අර්කම් - බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය