23 දෙනෙකුට මරු කැඳවූ කොත්මලේ බස් අනතුරට බලපෑ ප්‍රධාන හේතුව සහ තවත් හේතු තුනක්
23 දෙනෙකුට මරු කැඳවූ කොත්මලේ බස් අනතුරට බලපෑ ප්‍රධාන හේතුව සහ තවත් හේතු තුනක්
කොත්මලේ, ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී මැයි 11 සිදුවූ බස් අනතුරට ප්‍රධාන හේතුව රියැදුරාට ප්‍රමාණවත් විවේකයක් නොලැබීම සහ වෙහෙසකරබව යැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ මණ්ඩල සකස් කළ වාර්තාවේ සඳහන් වේ.
ඒ අනුව රියැදුරාට නින්ද යාමෙන් අනතුර සිදු වන්නට ඇතැයි ඔවුහු අනුමාන කරති.
අනතුර සිදු වූ ස්ථානයේ මාර්ග රක්ෂිතය තුළ වෙළෙඳසල් දෙකක් ඉදි කිරීම, මාර්ග සංවර්ධන අධිකාරියේ වගකීම නිසි ලෙස ඉටු නොකිරීම සහ කතරගම ඩිපෝවේ වගවීම ගැන ද එම වාර්තාවේ සඳහන්ව ඇත.
මැයි 11 වන දා සිදු වූ අනතුරෙන් පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට වූ අතර තවත් හැට දෙනෙකු තුවාල ලැබූ අතර, එතරම් හානියක් සිදු වීමට හේතු සහ එවැනි තත්ත්වයක් ඉදිරියේදී ඇති වීම වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ද එම වාර්තාවේ සඳහන් වේ.









