ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය
ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් අවසර ලබා දී තිබේ.
රට තුළ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ලබන වසරේදී ලුණු හිඟයක් ඇති විය හැකි බවට නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ලුණු ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් අවසර ලබා දී ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (දෙසැම්බර් 19) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.
ඒ අනුව, පවතින තීරු බදු අනුපාතය අනුව අමු අයඩීනීකරණය නොකළ ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමට අවසර ලබා දී තිබේ.
දේශීය ලුණු නිෂ්පාදකයින් විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ලුණු ආනයනය කිරීමට අවසර ලබා දී තිබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් පැවසීය.