ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හරි බුධා මාගර්: එවරස්ට් තරණයට සැරසෙන, දෙපයම අහිමි නේපාල ජාතිකයා
2010 දී, ගුර්කා සෙබළෙකු ලෙස ඇෆ්ඝනිස්ථානයේ සේවය කරමින් සිටි හරි බුධා මාගර්ට, අහම්බෙන් බෝම්බයක් මත පා තැබීම නිසා දෙපයම අහිමිවිය.
ගුර්කා බලකාය යනු බ්‍රිතාන්‍ය හමුදාවේ ප්‍රසිද්ධ රෙජිමේන්තුවකි.
මේ වන විට 43-හැවිරිදි ඔහු, දණිසෙන් ඉහළට වන තෙක් දෙපා අහිමිව එවරස්ට් තරණය කරන පළමුවැන්නාබවට පත්වීමට සැලසුම් කරමින් සිටියි.