ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
75 වන නිදහස් සැමරුම: 'මිනිස්සු ඉල්ලන්නේ ජාතික කොඩි නෙමේ, කළු කොඩි'
පෙබරවාරි 04 වැනි දා සමරනු ලබන 75 වන ජාතික නිදහස් දිනයට සමගාමිව ජාතික කොඩි ප්‍රදර්ශනය කිරීමේ අඩුවක් මෙවර දක්නට ලැබේ.
විශේෂයෙන් රථවාහන සහ නිවාසයන් හි ප්‍රදර්ශනයට ජනතාව කොඩි මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරන බව කොළඹ, පිටකොටුවේ කොඩි අලෙවි කරන තරුණයෙකු වූ මොහොමඩ් රිස්වාන් පැවසුවේය.
''මම අවුරුදු පහක් තිස්සේ කොඩි විකුණනවා. මේ පාර තමයි අපි කොඩි විකුණලා මිනිස්සුන්ගෙන් බැනුම් අහන්නේ. හැමෝම ඉල්ලන්නේ ජාතික කොඩි නෙමේ, කළු කොඩි.'' යනුවෙන් ඔහු කියා සිටියේය.
රුපියල් මිලියන 200ක වියදම් ඇස්තමේන්තුවකින් 75 වැනි නිදහස් දින සැමරුම් උත්සවය හෙට (පෙබරවාරි 04) කොළඹ, ගාලු මුවදොරදී පැවැත්වේ.